Katharaka Thaniwee Song Lyrics - කතරක තනිවී ගීතයේ පද පෙළ

Katharaka Thaniwee Song Lyrics - කතරක තනිවී ගීතයේ පද පෙළ
Song Title : Katharaka Thaniwee (කතරක තනිවී)
ගායනය : මර්වින් පෙරේරා
සංගීතය : මර්වින් පෙරේරා
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි

සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි

සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු

විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු

ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
මගේ දෙපා සිපගනු මැන සිහිල සිතට දී

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Katharaka Thaniwee Song Lyrics - කතරක තනිවී ගීතයේ පද පෙළ Katharaka Thaniwee Song Lyrics - කතරක තනිවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 04, 2022 Rating: 5

0 comments:

Post a Comment