E Obama Dayi Song Lyrics - ඒ ඔබම දැයි ගීතයේ පද පෙළ

E Obama Dayi Song Lyrics - ඒ ඔබම දැයි ගීතයේ පද පෙළ
Song Title : E Obama Dayi (ඒ ඔබම දැයි)
ගායනය : ශිහාන් මිහිරංග
සංගීතය : ශිහාන් මිහිරංග
පද රචනය : ශිහාන් මිහිරංග


මගේ හිතට එය දැනුණා, මට ආදරේ හිතුණා
මගෙ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි
මගෙ නෙතට එය දැනුණා උණු කඳුලකින් තෙමා
ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළුවූ

මගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලා
මට ජීවිතේ දුන් ආදරියේ ඔබමදැයි

මම ලියූ පෙම් කතාවේ සුර කුමරියක් උන්නා
ඒ කුමාරිගේ හිනාවේ මට ආදරේ තිබුණා
මම හීනයක් දුටුවා ඔයරුව මගෙමදැයි කියා
මගෙ හිත් කොනේ බැඳි ආදරී ඔබම දැයි
මගෙ හීනයේ ඇවිත් ඔයා, මගේ ආදරේ අලුත් කලා
මම ආදරේ වෙලා, මටත් හොරා, ඒ ඔබටදැයි

සිහිනයෙන් දුටු කතාවේ, මගෙ තොල්පෙතිත් තෙමුණා
ඔබ ළඟින් උන් වෙලාවේ සිත ආලකම් කෙරුවා
මම ලෝබකම් කෙරුවා ඔබ මට අහිමිවෙයි කියා
මගෙ හිත්කොණේ බැඳි ආදරී ඒ ඔබමදැයි

මගේ හිතට එය දැනුණා, මට ආදරේ හිතුණා
මගෙ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි
මගෙ නෙතට එය දැනුණා උණු කඳුලකින් තෙමා
ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළුවූ

ඔබ කීව ඒ කතා මා මුව ගීතයක් වෙලා
මම මගෙ හිතින් මගෙ ජීවිතෙන් ආදරේ කලා
මා දෙස ආදරෙන් බලා මගේ හිත කොණිත්තයි ඔයා
සත්තයි ප්‍රියේ මම දන්නේ නෑ ඒ ඔබ කියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
E Obama Dayi Song Lyrics - ඒ ඔබම දැයි ගීතයේ පද පෙළ E Obama Dayi Song Lyrics - ඒ ඔබම දැයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 03, 2022 Rating: 5

0 comments:

Post a Comment