Sara Sadisi Pethi Song Lyrics - සාර සදිසි පෙති ගීතයේ පද පෙළ

Sara Sadisi Pethi Song Lyrics - සාර සදිසි පෙති ගීතයේ පද පෙළ
Song Title : Sara Sadisi Pethi (සාර සදිසි පෙති)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : වසන්ත කුමාර කොබවක
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


සාර සදිසි පෙති තෝර නෙළන්නට
පාර අසන් දැරිවී
මේ තාර පෙතෙන් වතුරාන සොයා යන
පාර අසන් දැරිවී //

කඩොලාන කැලේ
දියමංකඩ හැමදා
කිරළ ඉදී හැලුනා
කොයි කාට වුනත්
නෑ බෑ නොකියා
දිය සළුව එළා තිබුණා
එක යාය කුරුලු දූවක් සේ
ඉර හඳට බැඳී තිබුණා

සාර සදිසි පෙති තෝර නෙළන්නට
පාර අසන් දැරිවී
මේ තාර පෙතෙන් වතුරාන සොයා යන
පාර අසන් දැරිවී

නිල් මූද මතින් නෙක ලිහිණි ඇවිත්
ගං යාය සොයා ඇදුනා
තුරු වදුලු පුරා උන් වසුරු හෙළා
මල් පුසුඹ ඉබේ මැකුණා

අපි සාර සදිසි පෙති තෝර නෙළූ බිම
අපේ නොවෙයි සිතුණා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sara Sadisi Pethi Song Lyrics - සාර සදිසි පෙති ගීතයේ පද පෙළ Sara Sadisi Pethi Song Lyrics - සාර සදිසි පෙති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 25, 2022 Rating: 5

0 comments:

Post a Comment