Obama Ma Da Wiya Song Lyrics - ඔබම මා ද විය ගීතයේ පද පෙළ

Obama Ma Da Wiya Song Lyrics - ඔබම මා ද විය ගීතයේ පද පෙළ
Song Title : Obama Ma Da Wiya (ඔබම මා ද විය)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
තනුව : ප්‍රේමසිරි කේමදාස
1991 දී තිරගතවූ "මධුසමය" චිත්‍රපටියේ ගීයකි.


ඔබම මා ද විය
මා ද ඔබම විය

සාගර වෙරළක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවූ දිනක් ඇත
ඒ රන් හිරු රැස විහිදුණු මොහොතේ
ඔබම මා ද විය මා ද ඔබම විය

පවසා ගන්නට දහක් වදන් ඇත
පෙන්විය නොහැකිවු දහස් දසුන් විය
ඒ සැම මැද්දේ සිත කය සිරවුණු
අහිංසකාවිය පමණ ද ඔබ ළඟ

ඔබම මා ද විය
මා ද ඔබම විය

සාගර වෙරළක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවූ දිනක් ඇත
ඒ රන් හිරු රැස විහිදුණු මොහොතේ
ඔබම මා ද විය මා ද ඔබම විය

ඔබමය මා සිත ඔබමය මා ගත
සිතින්ද සිරුරෙන් පොබ කළ හිමියණි
ඔබෙන් රකින්නට රහස් කිසිත් නැත
එවන් කලෙක මා එපා නොකල මැන

ඔබම මා ද විය
මා ද ඔබම විය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obama Ma Da Wiya Song Lyrics - ඔබම මා ද විය ගීතයේ පද පෙළ Obama Ma Da Wiya Song Lyrics - ඔබම මා ද විය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 06, 2022 Rating: 5

0 comments:

Post a Comment