Malak Nethi Gasak Wee Song Lyrics - මලක් නැති ගසක් වී ගීතයේ පද පෙළ

Malak Nethi Gasak Wee Song Lyrics - මලක් නැති ගසක් වී ගීතයේ පද පෙළ
Song Title : Malak Nethi Gasak Wee (මලක් නැති ගසක් වී)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : දයා ද අල්විස්
තනුව : සෝමපාල රත්නායක


මලක් නැති ගසක් වී හුදකලා වූ නුඹට
එකම එක මලක් වී සුවඳ දුන්නෙමි කලෙක
වසන්තය අලුත් මල් අතු පුරා ගෙනෙන විට
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට

ඝන අඳුරු රැයක් වී හැඬූ විට ජීවිතය
පැතුම් දී එළි කළෙමි පුංචි තරුවක් විලස
සිනාසෙන පුරා හඳ වඩින දා පෙර මඟට
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට

සිතින් දුක දරාගමි එය කියන්නේ කෙලෙස
රුවන් මාළිගාවක පහන් දල්වනු කුමට
ඉඳ හිටක සොයද්දී යටගියාවේ මතක
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට

සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malak Nethi Gasak Wee Song Lyrics - මලක් නැති ගසක් වී ගීතයේ පද පෙළ Malak Nethi Gasak Wee Song Lyrics - මලක් නැති ගසක් වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 30, 2022 Rating: 5

0 comments:

Post a Comment