Gamata Wada Athi Song Lyrics - ගමට වැඩ ඇති ගීතයේ පද පෙළ

Gamata Wada Athi Song Lyrics - ගමට වැඩ ඇති ගීතයේ පද පෙළ
Song Title : Gamata Wada Athi (ගමට වැඩ ඇති)
ගායනය : චාමර වීරසිංහ


ගමට වැඩ ඇති ගමේ ඉඳිවුණ පුංචි ආවාසේ
අපේ හිමිවරු විඳිනවා දුක් කටුක කටු වාගේ
සෙයිලමේ මහ තුසිත දෙව්ලොව සදිසි මහ වෙහෙරේ
වැඩ හිඳි අපේ මහා හිමිවරු ලබා සුව සහනේ

කල් ගෙවා එන පෝය පුරසඳ දියෙන් නැහැවෙන්න
සදාකල් පින් පුරා පව් හැර නිවන් පුර යන්න
ගමත් හදලා බණත් කියලා ගමේ වැඩ ඉන්න
දුගී දුප්පත් හිමිවරුන් බලාවත් යන්න

නැව් නැගී එන කාසි මහ කඳු වලින් වැඩගන්න
මහා පන්සල් මහා කප්රුක් ටිකක් සොලවන්න
කිසිත් නොලබා තැවුල් ඉවසා ගමේ තව ඉන්න
දුගී දුප්පත් මිනිස්සුන්ටත් ඉනාවක් දෙන්න

ගමට වැඩ ඇති ගමේ ඉඳිවුණ පුංචි ආවාසේ
අපේ හිමිවරු විඳිනවා දුක් කටුක කටු වාගේ
සෙයිලමේ මහ තුසිත දෙව්ලොව සදිසි මහ වෙහෙරේ
වැඩ හිඳි අපේ මහා හිමිවරු ලබා සුව සහනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gamata Wada Athi Song Lyrics - ගමට වැඩ ඇති ගීතයේ පද පෙළ Gamata Wada Athi Song Lyrics - ගමට වැඩ ඇති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 04, 2022 Rating: 5

0 comments:

Post a Comment