Bamara Rawa Song Lyrics - බමර රාව ගීතයේ පද පෙළ

Bamara Rawa Song Lyrics - බමර රාව ගීතයේ පද පෙළ
Song Title : Bamara Rawa (බමර රාව)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : විජිත් කණුගල
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


බමර රාව නැංවෙනා
අඳුරු ලෙන තුළේ
මල් පිපී රොනින් පිරේ
සුරත් කුසුම් කුලේ
තටු කඩා දැමූ බිඟුන්
එයි පෙළින් පෙළේ
සිංහබා පුතුණි බිඳින්
ලෙන් දොරේ බලේ

ගැලියේ බිහි දොරින් ඇසේ
ළහිරු කැන් සිනා
තෙමංසලට මං කියාවි පහන් තාරකා
වන හිසින් ගලා හැලේ
කුරුලු ගීතිකා
ඒ උදාන ගීතයයි
නව දිනක් පතා

වටු රැළක් ලෙසින් හඹා
මිදී එන දිනේ
කෙවිලියනි මිහිරි සරින්
ගයව් පා සෙනේ
යදම් බිදී සුරත් සැලේ
සුනිල් නිලම්බරේ
ළපලු සේ සැලෙන්නෙපා
පුතුන් එන දිනේ

බමර රාව නැංවෙනා
අඳුරු ලෙන තුළේ
මල් පිපී රොනින් පිරේ
සුරත් කුසුම් කුලේ
තටු කඩා දැමූ බිඟුන්
එයි පෙළින් පෙළේ
සිංහබා පුතුණි බිඳින්
ලෙන් දොරේ බලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bamara Rawa Song Lyrics - බමර රාව ගීතයේ පද පෙළ Bamara Rawa Song Lyrics - බමර රාව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 28, 2022 Rating: 5

0 comments:

Post a Comment