අල දෝසි හදමු (Ala Dosi Hadamu)

අල දෝසි හදමු (Ala Dosi Hadamu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍁 අර්තාපල් 500g ක්
  • 🍁 සීනි 700g ක්
  • 🍁 කිරිපිටි මේස හැඳි 2 ක් 
  • 🍁 බටර් හෝ මාගරින් මේස හැඳි 1 ක් 
  • 🍁 වැනිලා තේ හැඳි 1 ක්
  • 🍁 ලුනු ස්වල්පයක් 
  • 🍁 කරඳමුංගු කුඩු ටිකක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. 💥 මුලින්ම අල තම්බා පොතු ඉවත් කර ගන්න.
  2. 💥 දැන් අල ටික කෑලි නොසිටින සේ හොඳින් පොඩිකර ගන්න . ගෑරුප්පුවකින් පුළුවන් නැත්නම් ගෑරුප්පුවකින් පොඩිකර ගෙන ක්‍රීම් එකක් වගේ එනතුරු ග්‍රයින්ඩ් කර ගන්නත් පුළුවන්.
  3. 💥 ඊලඟට බටර් ආලේප කර තැටියක් සූදානම් කර තබන්න.
  4. 💥 දැන් භාජනයක් ගෙන එයට පොඩිකර ගත් අල,සීනි, ලුනු සහ කිරිපිටි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. භාජනයක් තෝර ගනිද්දි නන්ස්ටික් භාජනයකට වඩා තාච්චියක් පාවිච්චි කරනවා නම් වඩා හොඳයි , මොකද නන්ස්ටික් පෑන් එකේදී පදම බලා ගන්න ටිකක් අමාරු වෙයි.
  5. 💥 පසුව ලිප තබා අඩු ගින්දරේ හැඳි ගාන්න. 
  6. 💥 මිශ්‍රණය ඝන වීගෙන එන විට කරඳමුංගු කුඩු, වැනිලා සහ බටර් එකතු කර ගන්න.නොනවත්වා හැඳි ගාන්න.
  7. 💥 මිශ්‍රණය ඝන වී එක ගුලියට සෑදී භාජනය වටේ සීනි වියලෙන පදමේදී මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන තැටියට දමා තුනී කර කෑලි කපා ගන්න.
  8. 💥 නිවුනු පසු කපාගත් කෑලි වෙන්කර ගන්න.

😊 ඔයාලත් හදලා රස කියන්නකෝ, මටත් ෆොටෝ එකක් එවන්න අමතක කරන්න එපා 😍😍😍😍

හෙළයේ රස මිහිර
අල දෝසි හදමු (Ala Dosi Hadamu) - Your Choice Way

අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අල දෝසි හදමු (Ala Dosi Hadamu) අල දෝසි හදමු (Ala Dosi Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 03, 2022 Rating: 5

0 comments:

Post a Comment