වම්බටු මෝජු හදමු (Wambatu Moju Hadamu)

වම්බටු මෝජු හදමු (Wambatu Moju Hadamu) - Your Choice Way

ආදරණීය මිතුරියකගෙන් විශේෂ ඉල්ලීමක් තිබුනා වම්බටු මෝජු රෙසිපි එකක් දෙන්න කියලා . ඔන්න මං ඔයාගෙ ඉල්ලීම ඉටු කලා. ඉතිං ඔයාලගෙ අවුරුදු කෑම මේසය රසවත් කරන්නත් මේ වම්බටු මෝජුව ඔයාලට ප්‍රයොජනවන් වෙයි කියලා හිතනවා , මොකද අපේ උත්සව අවස්තාවකදි කෑම මේසෙට නැතුවම බැරි විශේෂ රස කෑමක් තමයි මේ මෝජුව. එහෙනම් අපි හදන හැටු  බලමු 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍆 වම්බටු  1kg ක්
  • 🍆 රතුළූනු 250g ක්
  • 🍆 අමු මිරිස් 100g ක්
  • 🍆 වියලි හාල් මැස්සන් 100g ක් (මේ ප්‍රමාණ ඔයාලට අවශ්‍ය පරිදි වෙනස් කර ගන්න පුළුවන් , මං ගනිපු ප්‍රමාණ තමයි ලිව්වෙ)
  • 🍆 සුදුළූනු බික් 6ක් පමණ
  • 🍆 අඟලක අමු ඉඟුරු කැබැල්ලක්
  • 🍆 කුරුඳු පොතු කැබැල්ලක්
  • 🍆 කරපිංචා ටිකක්
  • 🍆 අබ ඇට තේ හැන්දක් පමණ
  • 🍆 ගම්මිරිස් කුඩු ටිකක්
  • 🍆 මිරිස් කුඩු තේ හැඳි 2 ක් පමණ
  • 🍆 කහකුඩු ටිකක්
  • 🍆 සීනි මේස හැඳි 2 ක්
  • 🍆 විනාකිරි කෝප්ප 1/2 ක් පමණ (පොල් විනාකිරි නම් වඩාත් හොඳයි)
  • 🍆 රස අනුව ලුනු
  • 🍆 බැදීමට තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ මුලින්ම වම්බටු සෝදා අඟල් 2 ක පමණ සිහින් දිග තීරු වලට කපා කහකුඩු ස්වල්පයක් අතගා ගන්න.
  2. ♨️ පසුව වම්බටු රන්වන් පැහැ වනතුරු ගැඹුරු තෙලේ බැද තෙල් බේරෙන්නට පිරිසිදු කඩදාසියකට දමන්න.
  3. ♨️ එම තෙලටම රතුළූනු ටික දමා විනාඩියක් පමණ බැද ගන්න.
  4. ♨️ අමු මිරිස් වෙන් නොවන ලෙස මැදින් දෙකට පලා මෙම තෙට දමා විනාඩියක් පමණ බැද ගන්න.
  5. ♨️ කරපිංචා ටිකද පැහැය වෙනස් නොවන ලෙස යාන්තමට බැද ගන්න.
  6. ♨️ අවසානයට සෝදා පිරිසිදු කර ගත් වියලි හාල් මැස්සන් ටිකද බැද ගන්න.
  7. ♨️ ඉඟුරු සහ සුදුළූනු තලා ගන්න.
  8. ♨️ අබ ඇට ටික විනාකිරෙන් අඹරා ගන්න.
  9. ♨️ පසුව මැටි ඇතිලියක් ගෙන එයට විනාකිරි එකතු කර රත් කරන්න.
  10. ♨️ දැන් එයට තලාගත් ඉඟුරු ,සුදුළූනු , කුරුඳු පොතු ,අඹරා ගත් අබ, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, ලුනු කුඩු,කහ කුඩු සහ සීනි එකතු කර මිශ්‍ර කරන්න.
  11. ♨️ පසුව ලිපෙන් ඉවතට ගෙන විනාඩි 5ක් පමණ නිවෙන්නට තබා බැදගත් ලූනු, අමු මිරිස් , කරපිංචා ,වියලි හාල් මැස්සන් සහ වම්බටු එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
  12. ♨️ දින කිහිපයක් උනත් ඔයාලට මේක තියා ගන්න පුළුවන් , හදපු දවසට වඩා පස්සෙන්දා තමයි ගොඩාක් රස.
එහෙනම් ඔයාලත් හදලා බලන්නකෝ 😋

හෙළයේ රස මිහිර
වම්බටු මෝජු හදමු (Wambatu Moju Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වම්බටු මෝජු හදමු (Wambatu Moju Hadamu) වම්බටු මෝජු හදමු (Wambatu Moju Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 20, 2022 Rating: 5

0 comments:

Post a Comment