Thanamalvila Mal Pipunath Song Lyrics - තනමල්විල මල් පිපුනත් ගීතයේ පද පෙළ

Thanamalvila Mal Pipunath Song Lyrics - තනමල්විල මල් පිපුනත් ගීතයේ පද පෙළ
Song Title : Thanamalvila Mal Pipunath (තනමල්විල මල් පිපුනත්)
ගායනය : චාමර වීරසිංහ


තනමල්විල මල් පිපුනත්
තහනම් නීතියට
ඒ සියලුම මල් වල ඇති සුවද සිදාදියට
හිරි මල්විය ඉගිකෙරුවත් ඉදුවර හීනියට
සිත් මල ලං කරන්නෙපා ඇවිලෙන පාපයට

පොලතු පැල්පතක හීන
රන්දා මාලිගයක
ලෙන්ගතු වී කතාකරයි යන්න දේව ලෝකෙට
කාසි පදුරු පීදුනාට ගිනිගත් ජීවිතයක
ඇවිද්ද පය විලංගු වෙයි
ඔය කහමල් යායට

තනමල්විල මල් පිපුනත්
තහනම් නීතියට
ඒ සියලුම මල් වල ඇති සුවද සිදාදියට
හිරි මල්විය ඉගිකෙරුවත් ඉදුවර හීනියට
සිත් මල ලං කරන්නෙපා ඇවිලෙන පාපයට

අපේ ගමේ සිටුවරයින්
යහමින් ඇති අත මිට
කාසි වලට හාද වෙලා
නගරේ ලොකු උදවිය
නීතිය තහනම් උනාට
තාමත් ඉර හද යට
කොළඹට අරගෙන එනවා
තනමල්විල මල් ටික

තනමල්විල මල් පිපුනත්
තහනම් නීතියට
ඒ සියලුම මල් වල ඇති සුවද සිදාදියට
හිරි මල්විය ඉගිකෙරුවත් ඉදුවර හීනියට
සිත් මල ලං කරන්නෙපා ඇවිලෙන පාපයට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thanamalvila Mal Pipunath Song Lyrics - තනමල්විල මල් පිපුනත් ගීතයේ පද පෙළ Thanamalvila Mal Pipunath Song Lyrics - තනමල්විල මල් පිපුනත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 29, 2022 Rating: 5

0 comments:

Post a Comment