Premaye Munivariya Song Lyrics - ප්‍රේමයේ මුණිවරිය ගීතයේ පද පෙළ

Premaye Munivariya Song Lyrics - ප්‍රේමයේ මුණිවරිය ගීතයේ පද පෙළ
Song Title : Premaye Munivariya (ප්‍රේමයේ මුණිවරිය)
ගායනය : දුමාල් වර්ණකුලසූරිය
ගේය පද : රවී සිරිවර්ධන
සංගීතය : කසුන් කල්හාර
අධ්‍යක්ෂනය : නාමල් ජයසිංහ
කැමරාකරණය : දම්මික රත්නායක
ප්‍රධන රංගනය : කලනි දොඩන්තැන්න./දේවින්ද කෝන්ගහගේ
නිෂ්පාදනය : Sky Entertainers [Sky Colombo]
ශානරය : සංගීතමය කෙටි චිත්‍රපට


ප්‍රේමයේ මුණිවරිය
අත නෑර ළග සිටිය
සසල ලොව ළග
නිසල සනහස පිදුව
ඔබ ප්‍රේමයේ මුණිවරිය

ජීවිතේ මහ පුදුම කවි පොත
ප්‍රේමයෙන් පුරවා තබන අතරේ
අත හැරීමක මිහිර තැවරූ
කවි කොතෙක් තිබුණාද
ඔබ ඇසුරේ
කවි කොතෙක් තිබුණාද
ඔබ ඇසුරේ

මිනිස් ගුණ සුවදින් පහන් වුණු
ඔබේ එළියෙන් – මම නිවෙන අතරේ
ඒ එළිය පතුරා – තැනින් තැන
ඔබ පහන් දැල්වූ අරුම අදුරේ
ඔබ පහන් දැල්වූ අරුම අදුරේ

ප්‍රේමයේ මුණිවරිය
අත නෑර ළග සිටිය
සසල ලොව ළග
නිසල සනහස පිදුව
ඔබ ප්‍රේමයේ මුණිවරිය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premaye Munivariya Song Lyrics - ප්‍රේමයේ මුණිවරිය ගීතයේ පද පෙළ Premaye Munivariya Song Lyrics - ප්‍රේමයේ මුණිවරිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, July 20, 2022 Rating: 5

0 comments:

Post a Comment