පොලොස් අච්චාරු හදමු (Polos Achcharu Hadamu)

පොලොස් අච්චාරු හදමු (Polos Achcharu Hadamu) - Your Choice Way

කොස්,පොලොස් බහුලව තියන මේ කාලෙ ඔන්න ඔයාලට පුළුවන් අවුරුද්දට පොලොස් අච්චාරුවක් හදා ගන්න. පොලොස් අච්චාරු හදන ක්‍රම කිහිපයක් තියෙනවා , රතුළූනු ,අමු මිරිස් එකතු කරලා වගේම නැතුවත් හදා ගන්න පුළුවන් . මම හැදුවෙ රතුලූනු ,අමු මිරිස් නැතුව. ඔයාලත් හදලා බලන්නකෝ 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌳 ළපටි පොලොස් ගෙඩියක්
  • 🌳 සුදුළූනු බික් 6 ක් පමණ
  • 🌳 අමු ඉඟුරු කැබැල්ලක්
  • 🌳 මිරිස් කුඩු මේස හැඳි 1 1/2 ක්
  • 🌳 ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ක් පමණ
  • 🌳 අබ මේස හැඳි 1 ක්
  • 🌳 සීනි මේස හැඳි 1 ක්
  • 🌳 රස අනුව ලුනු
  • 🌳 කහකුඩු ස්වල්පයක්
🌷පොලොස් ගෙඩියේ ප්‍රමාණය අනුව ඉහත ද්‍රව්‍ය වෙනස් කර ගන්න.

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌼 පොලොස් ගෙඩියේ පොතු ඉවත් කර කුඩා කැබලි වලට කපා ගන්න.
  2. 🌼 එයට කහ ලුනු ස්වල්පයක් අතගා වතුර යොදා තම්බා ගන්න.
  3. 🌼 අබ ටික විනාකිරෙන් අඹරා ගන්න.
  4. 🌼 ඉඟුරු ,සුදුළූනු සිහින්ව තලා ගන්න.
  5. 🌼 භාජනයක් ලිප තබා විනාකිරි , අඹරාගත් අබ, මිරිස් කුඩු ,ගම්මිරිස් කුඩු , තලාගත් ඉඟුරු ,සුදුළූනු සහ සීනි එකතු කර රත් කරන්න.
  6. 🌼 අවශ්‍ය පමණ ලුනු ද එකතු කරන්න.
  7. 🌼 රත් වූ පසු පොලොස් දමා මිශ්‍ර කර ගන්න.
හරිම ලේසියි නේද 😍 ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😋 

හෙළයේ රස මිහිර
පොලොස් අච්චාරු හදමු (Polos Achcharu Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පොලොස් අච්චාරු හදමු (Polos Achcharu Hadamu) පොලොස් අච්චාරු හදමු (Polos Achcharu Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 08, 2022 Rating: 5

0 comments:

Post a Comment