පොල් පැණි හදමු (Pol Pani Hadamu)

පොල් පැණි හදමු (Pol Pani Hadamu) - Your Choice Way

ඉවත ලන පොල් වතුරෙන් පොල් පැණි හදමු.පොල් වතුරේ ගුණය නොදන්නා ගොඩාක් දෙනා වතුර ටික විසි කරනවා. පොල් වතුර කියන්නෙ ඉතාමත් ගුණදායක පානයක්. බීමට අමතරව පොල් පැණි ,විනාකිරි වගේ දේවල් ඔයාලට ගෙදරම හදා ගන්න පුලුවන් . ඉතිරි වෙන අතිරික්තය මම නම් බෝතල් වලට එකතු කරලා ශීතකරණයේ දාලා තියා ගන්නවා. රොටි , තෝසෙ, ආප්ප හදද්දී ඒ පොල් වතුර ප්‍රයෝජනයට ගන්නවා .පොල් වතුරෙන් හදාගන්න පැණි කෑමට වගේම රස කැවිලි හදා ගන්නත් යොදා ගන්න පුලුවන් .මීට පස්සෙ ඔයාලත් පොල් වතුර ඉවත දමන්න එපා. දවස ගානෙ ඉතුරු වෙන අතිරික්තය  බෝතල් වලට එකතු කර ශීතකරණයේ තියන්න . දවස් තුන හතරක් පරන වෙන පොල් වතුරෙන් පොල් පැණි හැදුවම මිහිරි රසයක් තියනවා . ඔයාලට හැමදාම පොල් පැණි හදන්න කියනවා නෙවෙයි ගෙදර පාවිච්චියට කඩෙන් ගේන පැණි වලට වැඩිය ඔයාලට  ගෙදර හදා ගන්න පුලුවන් නම් ඒක ගොඩාක් වටිනවා නේද  😍😍  එහෙනම් අපි හදලා බලමු.පොල් වතුරෙන් පොල් පැණි.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌸 පොල් වතුර  ලීටරයක් 
  • 🌸 සීනි 175  ග්‍රෑම් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. ✴️ භාජනයක් ගන්න. එයට සීනි දමන්න.(මැටි මුට්ටියක් නම් වඩා හොඳයි)
  2. ✴️ පොල් වතුර ටික පෙරා ගෙන එයට එකතු කරන්න.
  3. ✴️ හොඳින් උතුරවන්න.
  4. ✴️ වරින්වර වර හැඳි ගාන්න. ( නිතර හැඳි ගාන්න එපා, අඩුවෙන් හැඳි ගාන තරමට ලස්සනට පැණි පාට එනවා.)
  5. ✴️ පැණි පදම එනවිට පැණි සුවඳ දැනෙන්න ගන්නවා. පැණි  වල පදම බලා ගන්න පීරිසියකට චුට්ටක් දාලා බලන්න විසිරිලා යන්නෙ නැත්නම් පදම හරි.
  6. ✴️ පැණි පදම එන විට ලිපේ ගින්දර අඩුවෙන් තියා ගන්න.
  7. ✴️ ගොඩාක් ඝන වෙනකං ඉන්න එපා නිවෙන විට ඝනකම වැඩි වෙන්න පුලුවන්.
  8. ✴️ නියම පදම බලා ලිපෙන් ඉවතට ගන්න , නිවුනු පසු බෝතල් වල අසුරා තබා ගන්න.
💚♥️✴️  මේ ප්‍රමාණයෙන්  පොල් පැණි 250 ml ක් හදා ගන්න පුලුවන්  ✴️♥️💚
💚 පැණි  වලට පාට එකතු කරන්න අවශ්‍ය නැහැ , මේ තියන්නෙ හදපු පැණි එකේ නියම පාට 💚

💕💕💕 එහෙනම් ඔයාලත් හදලා බලන්න 💕💕💕

හෙළයේ රස මිහිර
පොල් පැණි හදමු (Pol Pani Hadamu) - Your Choice Way

පොල් පැණි හදමු (Pol Pani Hadamu) - Your Choice Way

පොල් පැණි හදමු (Pol Pani Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පොල් පැණි හදමු (Pol Pani Hadamu) පොල් පැණි හදමු (Pol Pani Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 18, 2022 Rating: 5

0 comments:

Post a Comment