මාලු මිරිස් පුරවා බැදීම (Malu Miris Purawa Badima)

මාලු මිරිස් පුරවා බැදීම (Malu Miris Purawa Badima) - Your Choice Way

ලඟ එන අලුත් අවුරුද්දේ ඔයාලගෙ අවුරුදු කෑම මේසය රසවත් කරන්නට ඔන්න මං අද තවත් කදිම වට්ටෝරුවක් අරගෙන ආවා .මේක  ආහාර වේලකට විශේෂ රසයක් ගේනවා විතරක් නෙමෙයි  හොඳ ස්නැක් එකක් වගේම හොඳ කටගැස්මක් විදියටත් කදිමයි.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :
  • 🌶️ මාලු මිරිස් කරල් 10 ක් පමණ (ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ගන්න,ඒවගේම දිගින් අඩු පොඩි මාලු මිරිස් තෝර ගන්න.)
  • 🌶️ පාන්පිටි කෝප්ප 1 ක්
  • 🌶️ පාන් කුඩු ටිකක්
  • 🌶️ බැදීමට තෙල්
  • 🌶️ අවශ්‍ය පමණ ලුනු

පිරවුම සඳහා :
  • 🌶️ තම්බා පොඩිකර ගත් අර්තාපල් අල 2 ක් පමණ
  • 🌶️ සැමන් හෝ තම්බාගත් මාලු
  • 🌶️ සිහින්ව ලියාගත් බී ලූනු ගෙඩි 2 ක්
  • 🌶️ සිහින්ව ලියූ අමු මිරිස් කරලක් පමණ
  • 🌶️ තලාගත් සුදුළූනු බික් එකක්
  • 🌶️ කරපිංචා ටිකක් (සිහින්ව ලියා ගන්න)
  • 🌶️ කෑලි මිරිස් තේ හැන්දක් පමණ (ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කර ගන්න)
  • 🌶️ ගම්මිරිස් කුඩු ටිකක්
  • 🌶️ කහකුඩු ටිකක්
  • 🌶️ රස අනුව ලුනු

✅ සාදා ගන්නා ආකාරය :

  1. ⭕ පෑන් එකක් ලිප තබා තෙල් ස්වල්පයක් එකතු කර රත් වන විට කරපිංචා , තලාගත් සුදුළූනු , බීලූනු සහ අමු මිරිස් එකතු කර තෙම්පරාදු කර ගන්න.
  2. ⭕ පසුව එයට තම්බා පොඩිකර ගත් මාලු එකතු කරන්න.
  3. ⭕ පසුව කෑලි මිරිස් ,ගම්මිරිස් කුඩු , කහකුඩු සහ අවශ්‍ය පමණ ලුනු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  4. ⭕ පසුව තම්බා පොඩිකර ගත් අර්තාපල් එකතු කර හොඳින් මිශ්‍ර කර මද වේලවක් තබා ලිපෙන් ඉවතට ගන්න.
  5. ⭕ ඊලඟට පාන්පිටි සහ ලුනු කුඩු තේ හැඳි 1/2 ක් පමණ භාජනයකට දමා හොඳින් මිශ්‍ර කර වතුර ටික ටික එකතු කරමින් තැවරුම සකස් කර ගන්න . ගොඩක් ඝනත් නැති දියාරුත් නැති බැටර් එකක් සකස් කර ගන්න.
  6. ⭕ දැන් මාලු මිරිස් කරල් හොඳින් සෝදා තෙත ඉවත් කර මැදින් දිග අතට කැපුමක් යොදා පරිස්සමට ඇට ඉවත් කර ගන්න.
  7. ⭕ පසුව ගෑරුප්පුවකින් මාලු මිරිස් කරලේ පොත්ත යාන්තමට සූරා ගන්න.එවිට හොඳින් බැටර් එක කරලේ දවටා ගන්න පුළුවන් . ඒවගේම නටුව ඉවත් කරන්න එපා නටුවෙන් අල්ලගෙන තමයි පිටි දවටා ගන්න වෙන්නෙ.
  8. ⭕ දැන් සාදාගත් පිරවුම පොඩි හැන්දකින් මිරිස් කරල ඇතුලට පුරවා ගන්න . හොඳින් තද කරමින් පරිස්සමට පුරවා ගන්න.
  9. ⭕ මෙසේ පුරවා ගත් මාලු මිරිස් කරල් සාදා ගත් බැටර් එකට දමා වටේට හොඳින් පිටි ද්‍රාවණය තවරා ගන්න.
  10. ⭕ දැන් පාන්කුඩු වලට ලුනු ස්වල්පයක් මිශ්‍ර කර පිටි ද්‍රාවණය ගල්වා ගත් මාලු මිරිස් කරල් වටේ පාන්කුඩු හොඳින් දවටා ගන්න.
  11. ⭕ මෙසේ සියලුම මාලු මිරිස් කරල් දවටා ගෙන අවසන් කරන්න . එවිට මේ දැවටුම හොඳට කරලට සවි වෙලා තියේවි.
  12. ⭕ දැවටිලා මදි වගේ කියලා ඔයාලට හිතෙනවා නම් පෙර විදියට ම ආයෙත් බැටර් එකේ සහ පාන්කුඩු වල දවටා ගන්න.
  13. ⭕ දැන් රත්කර ගත් තෙලෙහි මෙම මාලු මිරිස් කරල් දමා රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
දැවටුම රන්වන් පැහැ උනාම ඇති ගොඩාක් වෙලා බදින්න අවශ්‍ය නැහැ .මේ විදියට බැද ගත්තම මලානික වෙන්නෙ නැහැ ලස්සනට තියෙනවා .😍 ඔන්න එහෙනම් ඔයාලත් හදලා බලන්නකෝ , මටත් ෆොටෝ එකක් එවන්න 😊😊😋😍😍😋😋

හෙළයේ රස මිහිර
මාලු මිරිස් පුරවා බැදීම (Malu Miris Purawa Badima) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මාලු මිරිස් පුරවා බැදීම (Malu Miris Purawa Badima) මාලු මිරිස් පුරවා බැදීම (Malu Miris Purawa Badima) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 29, 2022 Rating: 5

0 comments:

Post a Comment