Mahada Wina Song Lyrics - මහද වීණා ගීතයේ පද පෙළ

Mahada Wina Song Lyrics - මහද වීණා ගීතයේ පද පෙළ
Song Title : Mahada Wina (මහද වීණා)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි
මෙම ගීයේ තනුව නිර්මානය වූයේ සනත් නන්දසිරි මහතා ඉන්දියාවේ ශාස්ත්‍ර කරන අවදියේයි. ලක්නව් ගුවන් විදුලියේ සරල ගී ගායන ශිල්පියෙකු වූ කේවල් කුමාර් මාස්තව සඳහා තනුවක් නිර්මාණය කිරීමේ අවස්ථාව සනත් හට ලැබුණේය. ඒ "අනගි බරසා ජියා රේ ජලායේ" (Anagi Barsa Jiya Re Jalaye) නම් ගීයයි. සනත් ලංකාවට පැමිණි පසු ඔහු ඒ තනුවට "මහද වීණා" ගීය ගැයුවේය.


මහද වීණා
මහද වීණා තත නංවනා රාවේ
ඔබගේ දයාවේ සැංගී සිනාවේ
මහද වීණා

මද සීත නළවැල් හමනා දසන්තේ
වන මල් ද සුවඳැල් සැලෙනා වසන්තේ
පිපි තාරකා නිල් අඹරේ වනාතේ
ඔබගේ දයාවේ සැංගී සිනාවේ
මහද වීණා

පෙර ඈත සිතුවම් ඇඳිලා පෙනෙන්නේ
මගෙ දෑස සැතපී සුවසේ නිදන්නේ
මදහාස ඔබගේ නැත නෙත් පියන්නේ
ඔබගේ දයාවේ සැංගී සිනාවේ

මහද වීණා තත නංවනා රාවේ
ඔබගේ දයාවේ සැංගී සිනාවේ
මහද වීණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mahada Wina Song Lyrics - මහද වීණා ගීතයේ පද පෙළ Mahada Wina Song Lyrics - මහද වීණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 01, 2022 Rating: 5

0 comments:

Post a Comment