Langin Mage Oba Sathapa Song Lyrics - ළඟින් මගේ ඔබ සතපා ගීතයේ පද පෙළ

Langin Mage Oba Sathapa Song Lyrics - ළඟින් මගේ ඔබ සතපා ගීතයේ පද පෙළ
Song Title : Langin Mage Oba Sathapa (ළඟින් මගේ ඔබ සතපා)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : නන්දන වික්‍රමගේ
සංගීතය : රූකාන්ත ගුණතිලක


ළඟින් මගේ ඔබ සතපා හදින් මගේ කතා කළා
හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ //

ඇවිත් වගේ අඳුරු වලා
ඔබ ළඟ නෑ දුරස් වෙලා
පෙම් කළ හද වෙනස් වෙලා
මක් උනාද මේ
නැතුව ආදරේ
ඔබේ ආදරේ

ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා

මගේ හදින් දුරස් වන්න
අන් හදකට පෙම් කරන්න
හදට ඔබේ හැකි උනාද
නැතුව ආදරේ
මගේ ආදරේ..
මගේ ආදරේ..

ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා

අඳුරු වලාකුළක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ
අඳුරු වලාකුළක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ
මගේ කඳුළු පිසලන්නට
නොහැකි වේද ඔබේ සිතට
පුදා ආදරේ
ඔබේ ආදරේ

අළුත් පෙමින් විඩා වෙලා
ආවෝතින් මාව සොයා
අතීතයට සමුදීලා
පිළිගන්නට හිඳියි බලා
මගේ ආදරේ
මගේ ආදරේ

ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා
හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ

හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
ඔබ නැද්ද ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Langin Mage Oba Sathapa Song Lyrics - ළඟින් මගේ ඔබ සතපා ගීතයේ පද පෙළ Langin Mage Oba Sathapa Song Lyrics - ළඟින් මගේ ඔබ සතපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 13, 2022 Rating: 5

0 comments:

Post a Comment