කොකිස් හදමු 🏵️ (Kokis Hadamu)

කොකිස් හදමු 🏵️ (Kokis Hadamu) - Your Choice Way

කොකිස් කියන්නෙ ඉතාමත් පහසුවෙන් ඕනම කෙනෙකුට හදා ගන්න පුළුවන් රසවත් කෑමක්. සමහර වෙලවට ඔයාලගෙ කොකිස් එක අච්චුවෙන් ගලවා ගන්න අපහසු වෙනවා. බිත්තර දැම්මම නම් ගොඩාක් වෙලාවට ගලවන්න පහසුයි . කාලෙකින් අච්චුව පාවිච්චි කරද්දි ගලවා ගන්න අමාරු වෙන්න පුළුවන් . එහෙම අවස්තාවකදි ඔයාලට පුළුවන් අච්චුව හොඳින් සෝදා ගන්න . පසුව කොලපුවක් ගෙන කැබැල්ලක් ගිනි අවුලවා ගන්න , ඒ අවුලා ගත් කොලපු කැබැල්ලෙන් කොකිස් අච්චුව හොඳින් රත් කර ගන්න . කොලපු හොයා ගන්න බැරි නම් ඔයාලගෙ ලිපේ දැල්ලට අල්ලා කොකිස් අච්චුව රත් කර ගන්න. මං ගාව ගොඩාක් පරණ කොකිස් අච්චුවක් තියෙන්නේ ,මං මේ ක්‍රම තමයි අනුගමනය කරන්නේ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌼 සහල් පිටි කෝප්ප 2 ක් 
  • 🌼 උකු පොල්කිරි කෝප්ප 2 ක් පමණ 
  • 🌼 කහකුඩු තේ හැඳි 1/4 ක් පමණ 
  • 🌼 බිත්තර 1 ක් (අකමැති අය බිත්තර නැතුව හදන්න)
  • 🌼 අවශ්‍ය පමණ ලුනු 

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🔥 සහල් පිටි හොඳින් හලා ගන්න.
  2. 🔥 භාජනයක් ගෙන පිටි , කහ කුඩු සහ ලුනු එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
  3. 🔥 බිත්තරය ගසා එයට එකතු කරන්න. ( අත්‍යාවශ්‍ය නැහැ )
  4. 🔥 දැන් මේ පිටි මිශ්‍රණයට  පොල්කිරි ටික ටික එකතු කරමින් කැටි නොසිටින සේ හොඳින් මිශ්‍ර කර ගන්න . ගොඩාක් උකුත් නැති දියාරුත් නැති ද්‍රාවණයක් සකස් කර ගන්න . ලුනු රස බලන්න වෙන කැවිලි වලට වඩා ලුනු රස තියෙන්න ඕන රස බලලා එකතු කර ගන්න.
  5. 🔥 දැන් තාච්චියක් ලිප තබා තෙල් දමා රත් කරන්න.
  6. 🔥 රත් වූ තෙලට කොකිස් අච්චුව දමා විනාඩි දෙකක් පමණ රත් කර ගන්න.
  7. 🔥 රත්වූ කොකිස් අච්චුව පිටි ද්‍රාවණයේ දමා අච්චුවෙන් තුන්කාලක් පමණ කොකිස් අච්චුව ගිල්වා මිශ්‍රණය ගල්වාගන්න.
  8. 🔥 මිශ්‍රණය තවරා ගත් කොකිස් අච්චුව රත්වූ තෙලට දමා බැද ගන්න.
  9. 🔥 ටිකක් බැදෙන විට සෙමෙන් සොලවමින් කොකිස් එක අච්චුවෙන් ගලවා කොකිස මත අච්චුව තබා තෙලෙහි ගිල්වා රන්වන් පැහැ වනතුරු කොකිස් දෙපැත්ත දමා බැද ගන්න.

හෙළයේ රස මිහිර
කොකිස් හදමු 🏵️ (Kokis Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොකිස් හදමු 🏵️ (Kokis Hadamu) කොකිස් හදමු 🏵️ (Kokis Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 13, 2022 Rating: 5

0 comments:

Post a Comment