රබර් ගහක අත්තක් කඩන් ගිය භූතාත්මය (Horror)

රබර් ගහක අත්තක් කඩන් ගිය භූතාත්මය (Horror) - Your Choice Way

මට පොඩි කාලේ වගේදි යාළුවෙක් සෙට් උනා හැබැයි මූ අවුරුදු 3ක් මට වැඩිය බලායි ඉතින්.අපේ ගෙට උඩ ඉන්නේ.

මායි මූයි පට්ට ආතල් ගන්නේ ඉතිම්. අරක්කු බොතල් වලට තේ වතුර පුරවලා පරේ තියලා හැංගිලා ඉඳන් බලන් ඉන්නවා මොකෝ වෙන්නේ කියලා. ගමේ බේබද්දෝ ඉතින් අරන් හිබලා බලලා විසික්කරලා කුණුහරපෙන් බැන බැන යනවා.

පස්සෙ දවසක් මූ මට මේ ලඟකදි ඉඳන් වෙන සීන් එකක් කියන්න ගත්තා.

උන්ගේ අච්චි ලඟකදි ඉඳන් බය වෙනවලු හීනෙන් කවුද බෙල්ල මිරිකනවලු. ඉට පස්සේ ආච්චි ලෙඩ වෙන්න ගත්තලු. බෙහෙත් ගත්තත් අඩු වෙන්නෑ.

එක එක දවස්වලට එලියෙන් රෑට බීඩි ගඳ එනවලු.පස්සේ මම කිවුවා උබලෑ සීයා බීඩිය බීලා විසි කරලා ඇති කියලා.

නෑ බන් සියා නැති වෙලාවටත් එනවා අනික සීයා රෑට බිඩි බොන්නෑ කියලා. 7 වෙද්දි වගේ බිඩි ගඳ එනවා කියලා බය වෙලා වගේ ඒක කිවුවේ.

මම විශ්ව කලේ නෑ. කින්ඩියට වගේ හිනා ගියා.

ඉට පස්සේ මුන්ගේ අම්මා මූට කතා කලා මූ යනවා කියලා ගියා.

පස්සේ මූ දවසක් බිඩි ගඳ අපු වෙලාවෙ අපේ ගෙදරට ඇවිල්ලා මට ශේප් එකේ අඬ ගැහුවා වෙලාව 7.30 පස්සේ මම ගියා ඌත් එක්ක ඉතින් මම කොහේ ගියත් අපේ බව්වා මගේ පස්සෙන්මයි එන්නේ ඉතින්.

අපපට හුඩු නිකන් කවුරු හරි ලඟ ඉඳන් බීඩි බොනවා වගේ ගඳ එනවා දුමක් පේන්ඩ නෑ.

දැන් ‍මාව ටිකක් ඩිම් උනා හාට් එක හයියෙන් වගේ ගැහෙන්න ගත්තා. මූත් බය වෙලා වගේ කියලා මට පේනවා. එක පාරටම අපේ බව්වා බිරුවා අම්මට සිරි මම ලොකුවටම බය උනා.

ඉට පස්සේ මම ගෙදර යනවා කියලා එන්න අවා උෟත් ගෙදර ගියා. මගේ කකුල් දෙක ගල් වෙලා වගේ බයට ඇවිත් කලා නිදා ගත්තා. ඔන්න මූ උදේ 8.00 විතර අපේ ගෙදරට දුවගෙන ආවා. (අර එදා බීඩි ගඳ බලන්න ගිහින් බය වෙලා ආවනේ එදාන් පස්සේ දවස් තුනකට පස්සෙ තමයි මට මූව හම්බ උනේ)

මම ඇහුවා මෙච්චර කල් මොකද්ද යකෝ උබට උනේ කියලා. මු කිවුවා ස්කෝලේ පන්ති හෙම තිබ්බා එන්න රෑ වෙනවා කියලා.

අපි බය වෙච්ච දවසට පස්සේ දවසේ මුන්ගේ ආච්චිට අමාරු පොඩ්ඩක් වැඩි වෙන්න අරන්. පස්සේ මුන්ගේ තාත්තයි,සියයි ගුරුන්වහන්සේ කෙනෙක් හම්බවෙලා සීන් එක කියලා. සෙනසුරාදා දවසක් බලලා දාලා එදාට එන්නම් කියලා.

අද තමා සෙනසුරාදා. ඉට පස්සේ මු මට කතා කලා වැඩ ටිකක් තියෙයි කරන්න කියලා. මමත් ගියා ගිහින් ගොක්කාල අත්තක් හෙම කපලා දිලා තව වැඩ ටිකක් කරලා දීලා ගෙදර එන්න හදද්දි. මුන්ගේ තත්තා මට කතාකරලා අද රෑ වෙලා උඩට එන්න පිළි ජාති මොකුත් නොකා කියලා. මම හා කියලා ආවා. ඔන්න දැන් රෑ උනා මමත් දැන් "ශාරුක්කාන්" වගේ ගැම්මෙන් වගේ ගියා ඉතින්.

ඕන් දැන් මම යද්දි ගුරුන්වහන්සේ ඇවිත් තව ගෝලයො දෙන්නෙකුත් ඇවිත් ඒ දෙන්නා බඩු ටික ලෑස්ති කරනවා දැන් පටන්ගන යන්නේ ගුරුන්වහන්සේ මතුරනවා ටික කට පස්සේ ගුරුන්වහන්සේ ආරුඩ වෙලා එකපාරටම හයියෙන් ගෑ ගැවුව.

මම උඩ ගිය.(ගුරුන්වහන්සේගේ ඇඟට වැහෙන්නේ එයාගේ ආච්චි)දැන් මේ ගෙදර ලෙඩ වෙලා ඉන්න කෙනාට එන්න කිවුවා.(මූගේ ආච්චිට) දැන් එයාගේ නලලට අත තියලා පොඩ්ඩක් වෙලා ගිහින් විස්තරේ කියන්න ගත්තා මේ ඉඩමේ වයසක කෙනකේව මරලා දාලා යට කරලා තියෙයි කියලා. ඔක්කම ටික ඩිම් උනා ඒක කිවුවම. ඒකයි මේ රෑට බීඩි ගඳ හෙම එන්නේ කියලා. පස්සේ ඒ මැරිච්ච ආත්මේ එතන්ට ගත්තා. ඒ ආත්මේ පේන්නෑ කතා කරන එක විතරයි ඇහෙන්නේ. ඒක පේන්නේ ගුරුන්වහන්සේට විතරයි.

ගුරුන්වහන්සේ කිවුවා මොකෝ මේ ඉඩමේ ඉඳන් උබ මේ මිනිස්සුන්ට කරදර කරන්නේ කියලා. ආත්මේ කිවුවා මව මරපු එකාගෙන් පලිය ගන්න කන් මෙතනින් යන්නෑ කියලා.


ගුරුන්වහන්සේ ඇහුවා කවුද උබව මැරුවේ කියලා.

ආත්මේ කිවුවා මමත් එක්කම එකට එටපු කෙනෙක්.

ගුරුන්වහන්සේ කිවුවා ඒනම් උබ මෙතනින් පලයන් කියලා.

ආත්මේ බෑ කිවුවා.

ඉටපස්සේ ගුරුන්වහන්සේ මතුරපු පැන් එතනට ඉහන්න හදන්න ඉස්සෙල්ලා කිවුවා මේකෙන් උබට බේරෙන්න බෑ කියලා ඒක ඉහන්න හදද්දි.

අත්මේ කිවුවා ඕක මගේ ඇඟට ඉහන්න එපා මම යන්නම් කියලා කිවුවා.

ගුරුන්වහන්සේ කිවුවා උබ ගියා කියලා හොයා ගන්නේ කෝහොමද මම කියලා.

ආත්මේ කිවුවා රබර් ගහක අත්තක් කඩලා දානවා කියලා.

ඉට පස්සේ ආත්මේ කිවුව විදිහටම රබර් ගහක අත්තක් කඩලා දාලා ගිහිල්ලා.

ගුරුන්වහන්සේ ගේයි වත්තයි ආරක්ෂා කරලා කට්ටියට නූල් ගැට ගහලා ඉවර කලා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රබර් ගහක අත්තක් කඩන් ගිය භූතාත්මය (Horror) රබර් ගහක අත්තක් කඩන් ගිය භූතාත්මය (Horror) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 15, 2022 Rating: 5

0 comments:

Post a Comment