Hiru Sadu Athare Song Lyrics - හිරු සඳු අතරේ ගීතයේ පද පෙළ

Hiru Sadu Athare Song Lyrics - හිරු සඳු අතරේ ගීතයේ පද පෙළ
Song Title : Hiru Sadu Athare (හිරු සඳු අතරේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : හේමසිරි හල්පිට
තනුව : ක්ලෝඩ් ප්‍රනාන්දු


හිරු නැගෙන්නෙ කඳු අතරින් ඔබෙ රැස් අරගෙන
වැසි වැටෙන්නෙ වැහි වලාකළින් සීතල අරගෙන
පොළෝ තලේ පුද ලබන්න සුවඳ පඬුරු බැඳ
පහදා ගන්නට අපෙ සිත ඔබේ පිහිට යැද

හිරු සඳු අතරේ බබලන රැස් පැතිරේ
ලබනා ඔබෙ කරුණා අප සිත්හී රැඳුණා //

දුක සැප දෙක එකවාගේ තබා ගන්න සිත
දැණුම නොවන අපේ හදට ලැබෙනවද
අතීතයෙන් අනාගතය වෙත යන ගමනට
ආලෝකය වී ජීවේ අත්වැල වනු මැන

හිරු සඳු අතරේ බබලන රැස් පැතිරේ
ලබනා ඔබෙ කරුණා අප සිත්හී රැඳුණා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hiru Sadu Athare Song Lyrics - හිරු සඳු අතරේ ගීතයේ පද පෙළ Hiru Sadu Athare Song Lyrics - හිරු සඳු අතරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2022 Rating: 5

0 comments:

Post a Comment