Ashokamala Mamayi Swamini Song Lyrics - අශෝකමාලා මමයි ස්වාමිනී ගීතයේ පද පෙළ

Ashokamala Mamayi Swamini Song Lyrics - අශෝකමාලා මමයි ස්වාමිනී ගීතයේ පද පෙළ
Song Title : Ashokamala Mamayi Swamini (අශෝකමාලා මමයි ස්වාමිනී)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : උපාලි ධනවලවිතාන
තනුව : මර්වින් පෙරේරා


අශෝකමාලා මමයි ස්වාමිනී
අශෝක මල් වනයේ
රනේ රුවට රූ සපුව දිලෙන මුත්
මා චණ්ඩාලියකී
මා චණ්ඩාලියකී //

නොලැබෙන ලොවකට හඬා ඵලක් නෑ
එපා රජුණි මට රාජ සුවේ //
තල් අතු මැදුරයි
මේ වන අරණයි
අපට අගේ අපෙ හීන කුලේ

අශෝකමාලා මමයි ස්වාමිනී
අශෝක මල් වනයේ
රනේ රුවට රූ සපුව දිලෙන මුත්
මා චණ්ඩාලියකී
මා චණ්ඩාලියකී

රජකුල පෙළපත එයින් කමක් නෑ
එන්න එපා අතු පැලට මඟේ //
ඈතින් දිලෙනා සඳට වඩා මට
ළඟ ඉන්නා ඝණඳුරයි අගේ

අශෝකමාලා මමයි ස්වාමිනී
අශෝක මල් වනයේ
රනේ රුවට රූ සපුව දිලෙන මුත්
මා චණ්ඩාලියකී
මා චණ්ඩාලියකී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ashokamala Mamayi Swamini Song Lyrics - අශෝකමාලා මමයි ස්වාමිනී ගීතයේ පද පෙළ Ashokamala Mamayi Swamini Song Lyrics - අශෝකමාලා මමයි ස්වාමිනී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 16, 2022 Rating: 5

0 comments:

Post a Comment