වටලප්පම් හදමු (Watalappam)

වටලප්පම් හදමු (Watalappam) - Your Choice Way

ඔන්න මං අද ඔයාලට රසම රස පැණි බේරෙන වටලප්පමක් තමයි අරන් ආවෙ 😍😍😍 .

වටලප්පම් කන්න ඔයාලා කවුරුත් ආස ඇති ,ඒත් ගොඩාක් වෙලාවට ලස්සන පාටට පේන, සිදුරු සහිත වටලප්පමක් හදා ගන්න බැරි උන අවස්ථා ඇති නේද , එහෙනම් අපි බලමු කොහොමද මේ ලස්සනට පාට එන්න , සිදුරු එන්න වටලප්පමක් හදා ගන්නෙ කියලා .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🔸 බිත්තර 6ක්
  • 🔸 හකුරු 300g ක්
  • 🔸 සීනි 60g ක්
  • 🔸 උකු පොල්කිරි කෝප්ප 1ක්
  • 🔸 ලුනු ටිකක් 
  • 🔸 වැනිලා බිංදු කිහිපයක් 
  • 🔸 තලාගත් එනසල් කුඩු ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ✴️ හකුරු ටික ග්‍රේටරයකින් හෝ පිහියකින් සිහින්ව ගා ගන්න.
  2. ✴️ දැන් භාජනයක් ලිප තබා සීනි මේස හැඳි 3ක් පමණ කැරමල් කර ගන්න.
  3. ✴️ වටලප්පම් දමන බඳුනෙහි බටර් ආලේප කර කැරමල් ටිකක් එහි දමා වටේට විහිදුවා ගන්න.
  4. ✴️ ඉතිරි කැරමල් ටිකට මිටිකිරි සහ ඉතිරි සීනි එකතු කරන්න.
  5. ✴️ ග්‍රේට් කරගත් හකුරු ටිකද එයට එකතු කර අඩු ගින්දරේ හැඳි ගාමින් හකුරු ටික දියකර ගන්න.
  6. ✴️ නිවෙන්න තබන්න. (හොඳින් නිවා ගන්න ඕන)
  7. ✴️ දැන් භාජනයක් ගෙන බිත්තර ටික කඩා එයට දමා ලුනු ටිකක් සහ වැනිලා ටිකක් එකතු කර බිත්තර හොඳින් මිශ්‍ර වනතුරු හැන්දකින් හෝ ගෑරුප්පුවකින් ගසා ගන්න.
  8. ✴️ දැන් එයට හොඳින් නිවුනු හකුරු මිශ්‍රණය පෙරා එකතු කරන්න.
  9. ✴️ එනසාල් කුඩු ටිකක් ද එකතු කර කලවම් කරන්න.
  10. ✴️ වටලප්පම් දමන බඳුනට දමා ෆොයිල් එකකින් හෝ පියනකින් හොඳින් වසා විනාඩි 45ක්, පැයක්  පමණ හුමාලයෙන් තම්බා ගන්න.

✅ සිදුරු නැති වෙන්න එක හේතුවක් තමයි බිත්තර ගොඩාක් බීට් කිරීම.ඒනිසා බිත්තර ටික බීට් කරන්න එපා හොඳින් කලවම් වනතුරු හැන්දකින් හෝ ගෑරුප්පුවකින් ගසා ගන්න.

✅ අනික් හේතුව වටලප්පම් දාපූ බඳුන ජලවාෂ්ප ඇතුළට නොයන ලෙස හොඳින් වසන්න ඕන. ෆොයිල් පේපර් එකකින් හෝ පියනකින් හොඳින් වසා තම්බා ගන්න ඕන.

✅ ඊලඟට පාට ලස්සනට තියෙන්න නම් අපට හොඳ කිතුල් හකුරු හොයා ගන්න වෙනවා.ඒත් හොඳ කිතුල් හකුරු හොයා ගන්න ගොඩාක් අයට අපහසුයි. ඒකට ඔයාලට පුළුවන් ග්‍රේට් කරගත් හකුරු ටික මිටිකිරි සමග ලිපේ තියලා රත්කරල හකුරු දිය කර ගන්න . එවිට මිටිකිරි වල සුදු පැහැය ඉවත් වෙනවා.

✅ ඒවගේම තවත් ඔයාලට පුළුවන් සීනි ටිකක් කැරමල් කරලා වටලප්පම් එකට එකතු කර ගන්න , එතකොට ඔයාලට ලස්සන පාටක් ගන්න පුළුවන්.

දැන් ඔන්න ඔයාලගෙ ප්‍රශ්න වලට විසඳුම් ලැබුනා නේද , එහෙනම් දැන් අපි හදලා බලමු.😍

❤️💚 ඔයාලත් හදලා රස කියන්නකෝ 💚❤️

හෙළයේ රස මිහිර
වටලප්පම් හදමු (Watalappam) - Your Choice Way

වටලප්පම් හදමු (Watalappam) - Your Choice Way

වටලප්පම් හදමු (Watalappam) - Your Choice Way

වටලප්පම් හදමු (Watalappam) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වටලප්පම් හදමු (Watalappam) වටලප්පම් හදමු (Watalappam) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2022 Rating: 5

0 comments:

Post a Comment