මයිනාගේ පැටිකිරිය 🐧 (Maine's Profile)

මයිනාගේ පැටිකිරිය 🐧 (Maine's Profile) - Your Choice Way

⛔මේ දවස් වල වැඩිපුරම කතාවට ලක් වෙන සතෙක් තමා මයිනා කියන්නෙ.හැබැයි නිතරම දකින්න කතා කරන්න ලැබුනට අපි දන්නෙ මෙයාල ගැන කොච්චර පොඩි දේවල් ටිකක්ද .මේ උත්සහය මං දන්න ඒ පොඩි දේවල් ටිකත් ඔයාල අතර බෙදා ගන්න.

⛔තද කළුවට හුරු දුඹුරු පැහැයෙන් සමන්විත පිහාටු හිමි ,හොටය ,කකුල් ඇස් වටා කහ පැහැයෙනුත් හිස දෙපස කළු පැහැයෙනුත් ,පියාසර කරන විට පියාපත් යට සුදු පැහැයකිනුත් සමන්විත වේ.ජීවත්වන ප්‍රදේශය රට අනුව මෙම වර්ණ වල තද හා ලා පැහැයෙන් සමන්විත වේ.

⛔බොහෝ විට යුගල ලෙස හැසිරුනත් සමහරක් අවස්ථාවල දි කුඩා රැලක් ලෙස දිවි ගෙවයි.බොහෝ විට ස්ථිර තැනක ලැගුම් ගන්නා අතර රාත්‍රී  උදා වන විට නවාතැන කරා පියාසර කරයි.

⛔බොහෝ අය සුරතල් සතුන් ලෙස ඇති කරන අතර විශාල හඩ පරාසයක් උත්පාදනය කර හැකිය,

⛔ප්‍රජනන සමය අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා දිගු වන අතර කෑරලකු හෝ ගිරවකු නවාතැන් ගත් බෙනයක හෝ සමහරක් අවස්ථාවල සදා ගනු ලබන කැදැල්ලක වරකට බිත්තර 2-5 අතර ප්‍රාමාණයක් දමයි.බිත්තර දුඹුරු නිල් පැහැයක් ගනී.දින දාහතරකිං පමණ පැටවුන් බිහි වන අතර මවු පියන් විසින් මසක් පමණ පෝෂනය කරයි.

⛔ආසියානු කලාපයේ බහුලව ජීවත් වන අතර නගර ගම්මාන ලදු කැලෑ වනාන්තර ආශ්‍රිතව සුලභව දැක ගත හැක.

✍️ උපුටාගැනීම  Harindu Kumarathunga ගෙන් 👍

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මයිනාගේ පැටිකිරිය 🐧 (Maine's Profile) මයිනාගේ පැටිකිරිය 🐧 (Maine's Profile) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2022 Rating: 5

0 comments:

Post a Comment