අද මම ඔයාලට ගෙනාවෙ ඉතුරුම් බත් වලින් කිරි.මේකත් ඉතාම පහසුවෙන් හදා ගන්න පුළුවන් රසම රස කෑමක් 🤩 එහෙනම් අපි හදලා බලමු.
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- බත් කෝප්ප 3ක්
- සීනි කෝප්ප 1ක්
- මිටි කිරි අවශ්‍ය පමන
- එනසල් කුඩු
- ලුනු ස්වල්පයක්
- අවශ්‍ය නම් කජු, වියලි මිදි
✅ සාදා ගන්නා ආකාරය :
- 🌸 මුලින්ම බත් වලට කිරි ටික ටික එක් කරමින් සිනිඳු පේස්ට් එකක් වනතුරු බ්ලෙන්ඩ් කරන්න .
- 🌸 පසුව පතුල ඝනකම භාජනයක් ලිප තබා සීනි මේස හැඳි 3ක් දමා කැරමල් කර ගන්න.
- 🌸 එයට ඉතිරි කිරි වලින් කෝප්පයක් පමන එකතු කර ඉතිරි සීනි ද එක් කරන්න .
- 🌸 ලිප නිවා සීනි දිය කර ගන්න .
- 🌸 දැන් බ්ලෙන්ඩ් කර ගත් බත් මිශ්‍රණය එකතු කරන්න .
- 🌸 අවශ්‍ය පමන මිටි කිරි සහ ලුනු ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න .
- 🌸 මද ගින්නේ හැඳි ගාන්න .
- 🌸 මිශ්‍රණය ඝන වීගෙන එනවිට එනසල් කුඩු,කජු,මිදී එකතු කරන්න .
- 🌸 අඩු ගින්දරේ දිගටම හැඳි ගාන්න ,මිශ්‍රණය ගුලියක් ලෙස එකට එකතු වන විට ලිපෙන් ඉවතට ගෙන තෙල් තැවරූ තැටියක වඩවා ගන්න .
- 🌸 නිවුනු පසු කෑලි කපා ගන්න .
දැන් ඉතිං රස බලන්න පුළුවන් . 😍😍
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment