Adare Hade Ruwa Song Lyrics - ආදරේ හදේ රුවා ගීතයේ පද පෙළ

Adare Hade Ruwa Song Lyrics - ආදරේ හදේ රුවා ගීතයේ පද පෙළ
Song Title : Adare Hade Ruwa (ආදරේ හදේ රුවා)
ගායනය : අතුල අධිකාරි
පද රචනය : හේමසිරි හල්පිට
සංගීතය : අතුල අධිකාරි


ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ
වාසනා ගෙනා නිසා මා ඔබේය ලදුනේ
තව රෝස මල් වාගේ ළදුන් ආදරේ කියා ඇතත්
මා දිහා සිනා සලා ඈ මුලාවේ වැටුනේ
ආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ

මා ඔබේ ලග ඉන්නේ කිසිදාක නෑ වෙන්වන්නේ
මා සංහිද වූ සුවේ මේ නිමි නැති ආදරේ
සුරදූතිකාවියන් ඇතත් මා නැතේ වශී වූනේ

ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ
වාසනා ගෙනා නිසා මා ඔබේය ලදුනේ
තව රෝස මල් වාගේ ළදුන් ආදරේ කියා ඇතත්
මා දිහා සිනා සලා ඈ මුලාවේ වැටුනේ
ආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ

මා හද සනසන ආදරේ සැමදා මා ඔබ ලග තනියේ
ඔබ දැකුමයි ඒ සැනසීම මගේ මා සිතින් ඔබ නෑ මැකුනේ
තව රූ සුරූපියන් ඇතත් මා නැතේ වශී වූනේ

ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ
වාසනා ගෙනා නිසා මා ඔබේය ලදුනේ
තව රෝස මල් වාගේ ළදුන් ආදරේ කියා ඇතත්
මා දිහා සිනා සලා ඈ මුලාවේ වැටුනේ
ආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Hade Ruwa Song Lyrics - ආදරේ හදේ රුවා ගීතයේ පද පෙළ Adare Hade Ruwa Song Lyrics - ආදරේ හදේ රුවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2022 Rating: 5

0 comments:

Post a Comment