Sobawa De Song Lyrics - සෝබාව දේ ගීතයේ පද පෙළ

Sobawa De Song Lyrics - සෝබාව දේ ගීතයේ පද පෙළ
Song Title : Sobawa De (සෝබාව දේ)
ගායනය : යූ. ආරියවිමල් සමග ගාමිණී සමරකෝන්
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව හා සංගීතය : ගුණදාස කපුගේ
"තාරාවෝ ඉගිලෙති" වේදිකා නාට්‍ය යේ ගීයකි.


සෝබාව දේ
මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරුවු
සුසුදු වලා කැරලි පළසකි මේ මග දිග ඇතුරූ
අහස සූරන මැදුරු

පාර දෙපැත්තේ
සොඳුරු සල් පිල් මැද දෙව්ලොව නැති සැප විකුණන්නේ
නුවරු රිසි රිසි දේ ගෙන මසුරන් තඹයට දෙන්නේ
නිබඳ සිත ළතැවෙන්නේ

සෝබාව දේ
මෙපුර සිරි විසිතුරු බලනු මිතුර
මග පියකරුවු
සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතුරු
අහස සූරන මැදුරු

ජේත්තුකාර ලියන් ගත විලවුන් මුහුණ සිඹින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා

දෑසින් අමතන බස්  වැසුණු දොරක් විවර කරන්නේ
එළිපිට ඇති අවකෙළි  කිසිවෙකු  මැසිවිලි නොකියන්නේ

සෝබාව දේ
මෙපුර සිරි විසිතුරු බලනු මිතුර
මග පියකරුවු
සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතුරු
අහස සූරන මැදුරු

සැණකෙලි පුරා හඳේ නිකිනි අවන්හල් පීබිදෙන්නා
ඇසුවන් දුක් සින්දන ගී සින්දු සවන පිනන්නා //
සත හට සෙත සලසා අතකින් මධු විත පුරවන්නේ
සවුදිය පුරන ළඳක් රකුසු නෙතක්  පාළු කපන්නේ

සෝබාව දේ
මෙපුර සිරි විසිතුරු බලනු මිතුර
මග පියකරුවු
සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතුරු
අහස සූරන මැදුරු
සෝබාව දේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sobawa De Song Lyrics - සෝබාව දේ ගීතයේ පද පෙළ Sobawa De Song Lyrics - සෝබාව දේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 08, 2022 Rating: 5

0 comments:

Post a Comment