Ruwan Mal Hali Akalata Song Lyrics - රුවන් මල් හැලී අකලට ගීතයේ පද පෙළ

Ruwan Mal Hali Akalata Song Lyrics - රුවන් මල් හැලී අකලට ගීතයේ පද පෙළ
Song Title : Ruwan Mal Hali Akalata (රුවන් මල් හැලී අකලට)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : සුනිල් ආර්. ගමගේ
තනුව : විශාරද ගුණදාස කපුගේ


රුවන් මල් හැලී අකලට
විසාලා නුවර විලසට
තුන් බියක් නොවෙයි බුදු බණ අසන මන්තරේ
මේ රම්‍ය භූමියේ
මේ පුණ්‍ය භූමියේ

කිරි වරා උගත් ශිල්පය
තන පුඩුව හපා රිදවන
වල් වැදී තිබුණු සිත්වල
දළු දමා නැඟෙයි මැර බල
කාලයත් මෙයයි උන්ටම
දේශයත් මෙයයි

කාලයත් මෙයයි උන්ටම
දේශයත් මෙයයි

රුවන් මල් හැලී අකලට
විසාලා නුවර විලසට
තුන් බියක් නොවෙයි බුදු බණ අසන මන්තරේ
මේ රම්‍ය භූමියේ
මේ පුණ්‍ය භූමියේ

සිල් බිඳී සහස් පෙළපත
උණු නොවෙයි මෙකල පඬුපුල
පිල් විදා රඟන මොනරුද
දෙපා දැක තැවෙති විළි වැද
කාලයත් මෙයයි උන්ටම
දේශයත් මෙයයි

කාලයත් මෙයයි උන්ටම
දේශයත් මෙයයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ruwan Mal Hali Akalata Song Lyrics - රුවන් මල් හැලී අකලට ගීතයේ පද පෙළ Ruwan Mal Hali Akalata Song Lyrics - රුවන් මල් හැලී අකලට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 06, 2022 Rating: 5

0 comments:

Post a Comment