පීසා හදමු (Pizza)

පීසා හදමු (Pizza) - Your Choice Way

ගෙදර හදපු චීස් දාලා  පීසා අරන් එනවා කියලා මං ඔයාලට කිව්වා 😍 ඔන්න ඉතිං රසම රස පීසා වට්ටෝරුවක් අද ඔයාලට මං අරගෙන ආවා.පීසා එක රසවත් වෙන්න නම් අනිවාර්යයෙන්ම පීසා ඩෝ එක තමයි අපි හොඳටම හදා ගන්න ඕන. මං මේ හැදුවෙ හොඳින් පිපුණු පීසා ඩෝ එකක්. මීට වඩා තුනියට හදන පීසා තියෙනවා . තින් ක්‍රස්ට් පීසා. ඔන්න මං හදන්නේ ඒක නෙමෙයි 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

ලොකු පීසා දෙකක් / ෆොටෝ එකේ පෙනෙන ප්‍රමාණයේ පීසා 5 ක් සඳහා 
  • 🌼 පාන්පිටි කෝප්ප 3 ක් (460g -500g පමණ)
  • 🌼 යීස්ට් තේ හැඳි 2 1/2ක්
  • 🌼 සීනි තේ හැඳි 3ක්
  • 🌼 ඔලිව් තෙල්/ එලවලු තෙල් මේස හැඳි 5 ක් (පීසා එක රසවත් වෙන්න ඔලිව් තෙල් නම් වඩා හොඳයි)
  • 🌼 මද රස්නෙ වතුර කෝප්ප 1 ක් 
  • 🌼 ලුනු තේ හැඳි 2 ක් 
  • 🌼 මොසරැල්ලා චීස් (මොසරැල්ලා චීස් නැත්නම් ඔයාලා ලඟ තියන චීස් වර්ගයක් ගන්න .මං පාවිච්චි කලේ ගෙදර හදාගත් චීස් මේ වෙලාවෙ මොසරැල්ලා චීස් ගන්න විදියක්  නැති නිසා)
  • 🌼 පීසා සෝස් හෝ තක්කාලි සෝස් 
  • 🌼 ඔයාලා කැමති ටොපින් එකක්

✅ සාදා ගන්නා ආකාරය :

පීසා ඩෝ එක සාදන ක්‍රමය :
  1. 🔥 මුලින්ම කුඩා භාජනයකට යීස්ට් සහ සීනි දමන්න . එයට මද උණුසුම් වතුර කෝප්ප 1/2 ක් එකතු කර මිශ්‍ර කර යීස්ට් ක්‍රියාකාරී වීමට විනාඩි 10 ක් පමණ තබන්න.
  2. 🔥 දැන් වෙනත් භාජනයක් ගෙන එයට පිටි, ලුණු සහ ඔලිව් තෙල් දමා හොඳින් මිශ්‍ර කර ගන්න.
  3. 🔥 මේ පිටි මිශ්‍රණය මැද පිටි දෙපැත්ත ට ඉවත් කර ඉඩක් සාදා ක්‍රියාකාරී වූ යීස්ට් මිශ්‍රණය ඒ මැදට දමන්න.
  4. 🔥 දැන් පිටි සමග යීස්ට් හොඳින් මිශ්‍ර වන සේ පිටී මෝලිය අනා ගන්න. ඉතිරි උණුසුම් වතුර කෝප්ප 1/2 ද ටික ටික එකතු කරමින් අනා ගන්න.
  5. 🔥 පීසා ඩෝ එක ගොඩාක් තද ට ගන්න එපා. තද ගතියක් දැනෙනවා නම් තව වතුර තේ හැන්දක් බැගින් එකතු කරමින් ඩෝ එක මෘදු කර ගන්න.
  6. 🔥 පසුව මේ අනාගත් පීසා මෝලිය පිටි ඉසගත් මතුපිටක දමා විනාඩි 10 ක් පමණ මෝලියට බර නොදෙමින් සැහැල්ලුවෙන් අත් ගසා ගන්න. (ක්නීඩ් කර ගන්න)
  7. 🔥 මෙසේ සකසා ගත් පීසා ඩෝ එක වටේට ඔලිව් තෙල් හෝ එලවලු තෙල් මේස හැන්දක් ගෙන වටේට ආලේප කර භාජනයට දමා තෙත කිචන් ටවල් එකකින් වසා පැයක් පමණ පිපෙන්න තබන්න.
  8. 🔥 පීසා ඩෝ එක පිපෙන අතරතුර ඔයාලා ටොපින් එකට අවශ්‍ය දේවල් සකස් කර ගන්න.
  9. 🔥 ඔයාලා කැමති දේවල් එකතු කර ගන්න පුලුවන් . චිකන් , සොසේජස් , බෙල් පෙපර්, මශ්රූම්, බී ලූණු  වගේ ඔයාලා  කැමති දේවල්.

දැන් බලමු පීසා එක හදා ගන්න විදිය.
  1. ♨️ පැයක් පිපුණු ඩෝ එක දෙගුණයක් වෙලා තියෙනවා  ඔයාලට පේනවා ඇති.
  2. ♨️ දැන් මේ ඩෝ එක පිටි අල්ලෙන් තෙරපමින් වායු ඉවත් කර ගන්න.
  3. ♨️ දැන් අවශ්‍ය ප්‍රමාණයේ කොටස් වලට වෙන් කර ගන්න. මම ෆොටෝ එකේ තිබෙන ප්‍රමාණයේ පීසා 5 ක් සකස් කර ගත්තා.
  4. ♨️ දැන් වෙන් කරගත් ඩෝ එකෙන් කොටසක් ගෙන අවශ්‍ය ප්‍රමාණයට තුනී කර බේකින් ට්‍රේ එකට දමා ඒ ප්‍රමාණයට සකසා ගන්න.
  5. ♨️ පසුව ඩෝ එක වටේට අඟලක් පමණ ඉතිරි වන සේ පීසා සෝස් හෝ තක්කාලි සෝස් තවරා ගන්න.
  6. ♨️ ඒ මතට ඔයාලා කැමති ටොපින් එකක් එකතු කර ගන්න.
  7. ♨️ දැන් ඒ උඩින් මොසරැල්ලා චීස් දමන්න. මම පාවිච්චි කලේ ගෙදර හදාගත් චීස් මොසරැල්ලා නෙමෙයි. 
  8. ♨️ දැන් 200 °C  උශ්ණත්වයේ රත් කරගත් අවන් එකක විනාඩි 20ක් පමණ බේක් කර ගන්න.
ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 💞💞💞💞 

හෙළයේ රස මිහිර
පීසා හදමු (Pizza) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පීසා හදමු (Pizza) පීසා හදමු (Pizza) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 25, 2022 Rating: 5

0 comments:

Post a Comment