Mura Dewathawi Song Lyrics - මුර දේවතාවී ගීතයේ පද පෙළ

Mura Dewathawi Song Lyrics - මුර දේවතාවී ගීතයේ පද පෙළ
Song Title : Mura Dewathawi (මුර දේවතාවී)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : යමුනා මාලිනී පෙරේරා
තනුව : තිස්සසිරි පෙරේරා


මුර දේවතාවී
පියෙන නෙතු දොර අසල නොනිදන්නා
නෙතු අරින විට
දෙතොලෙ සැක පෙන්නා
නොනිදා
ප්‍රේමයේ නිදන් රැක උන්නා
මුර දේවතාවී
මසිත නුඹ ගැන තවම ළතවෙන්නා
මුර දේවතාවී

නෙතෙහි පතුළේ නුඹ නිසා
නෙත් පියන්නත් බැරිවී ගියා
මුවට දොරගුලු ලා මගේ
ආදරෙන් සිත දොඩමළු කළා

මුර දේවතාවී
පියෙන නෙතු දොර අසල නොනිදන්නා
මුර දේවතාවී

නුඹට දුන් මගෙ ජීවිතේ
අද කාට දෙන්නද හිත පුරා
කෙලෙස මා මගහැර ගියේ
ආදරේ මට විතරයි කියා

මුර දේවතාවී
පියෙන නෙතු දොර අසල නොනිදන්නා
නෙතු අරින විට
දෙතොලෙ සැක පෙන්නා
නොනිදා
ප්‍රේමයේ නිදන් රැක උන්නා
මුර දේවතාවී
මසිත නුඹ ගැන තවම ළතවෙන්නා
මුර දේවතාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mura Dewathawi Song Lyrics - මුර දේවතාවී ගීතයේ පද පෙළ Mura Dewathawi Song Lyrics - මුර දේවතාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 14, 2022 Rating: 5

0 comments:

Post a Comment