Made Lagina Tharawan Song Lyrics - මඩේ ලඟින තාරාවන් ගීතයේ පද පෙළ

https://lh3.googleusercontent.com/97iPutINmE1fqa17_mTBrCId4K4-dbHMDw5EY9l3hYNtMjBCXU7qfcDuUGCU6MDrdzxInx-4trlvY-nLN9Zr8uHO3EAKLFTcu5fYmTIPdRoJ9Pjnp--Hy2Q6Q4z-0RS1KmjqjxnMHlU=w2400
Song Title : Made Lagina Tharawan (මඩේ ලඟින තාරාවන්)
ගායනය : මර්සි එදිරිසිංහ
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව හා සංගීතය : විශාරද ගුණදාස කපුගේ
තාරාවෝ ඉගිලෙති නාට්‍ය යේ ගීයකි.මෙම ගීය තාරාවෝ ඉගිලෙති ප්‍රථම නිෂ්පාදනයට ඇතුළත් වූයේ නැත.


මඩේ ලඟින තාරාවන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙම කළොත් ඔබ කියාවි
මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං //

මදන ඇතුන් නෙළුම් හුයෙන්
මදන ඇතුන් නෙළුම් හුයෙන් බැඳගන්නද මං
දුවන මුවන් දැක ලන්නද නෙළූ පලා මං
එහෙම කළොත් ඔබ කියාවි
මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

මඩේ ලඟින තාරාවන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙම කළොත් ඔබ කියාවි
මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

හමන සුළං මකුළු දැළෙන්
හමන සුළං මකුළු දැළෙන් වළකන්නද මං
කොහොඹ ගහෙන් කොහොම සඳුන් මල් නෙළන්නෙ මං
එහෙම කළොත් ඔබ කියාවි
මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

මඩේ ලඟින තාරාවන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙම කළොත් ඔබ කියාවි
මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Made Lagina Tharawan Song Lyrics - මඩේ ලඟින තාරාවන් ගීතයේ පද පෙළ Made Lagina Tharawan Song Lyrics - මඩේ ලඟින තාරාවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 07, 2022 Rating: 5

0 comments:

Post a Comment