Your Choice Way

Kohedo Dura Atha Kutiyaka Song Lyrics - කොහේදෝ දුර ඈත කුටියක ගීතයේ පද පෙළ

Kohedo Dura Atha Kutiyaka Song Lyrics - කොහේදෝ දුර ඈත කුටියක ගීතයේ පද පෙළ
Song Title : Kohedo Dura Atha Kutiyaka (කොහේදෝ දුර ඈත කුටියක)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය : ඩෙනිස්ටර් පෙරේරා


කොහේදෝ දුර ඈත කුටියක ඔබ ඉන්නවා ඇති
ඔබේ හිමි සඳ එනතුරා මඟ බල බලා ඇති
මිහිරියේ
මගෙ මිහිරියේ ඔබට දැන්නම්
මා අමතකව ඇති

ඔබට තුරුළුව පුංචි පැටවුන් අතින් අල්ලා ගෙන
සිහින සක්මන් කළා එදවස
මතක් වෙනවා මට
මොහොතකටවත් මතක් වෙනවද
මිහිරියේ මා ගැන

කොහේදෝ දුර ඈත කුටියක ඔබ ඉන්නවා ඇති
ඔබේ හිමි සඳ එනතුරා මඟ බල බලා ඇති
මිහිරියේ
මගෙ මිහිරියේ ඔබට දැන්නම්
මා අමතකව ඇති

ඈත කදුවැටි සිසාරා එන විරහ ගීයක හඬ
සුළඟ ඇවිදින් කියා දෙනවා
කණට කොඳුරා මට
දුකක් කියලා දෙයක් දැනුනද
මිහිරියේ මා ගැන

කොහේදෝ දුර ඈත කුටියක ඔබ ඉන්නවා ඇති
ඔබේ හිමි සඳ එනතුරා මඟ බල බලා ඇති
මිහිරියේ
මගෙ මිහිරියේ ඔබට දැන්නම්
මා අමතකව ඇති

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kohedo Dura Atha Kutiyaka Song Lyrics - කොහේදෝ දුර ඈත කුටියක ගීතයේ පද පෙළ Kohedo Dura Atha Kutiyaka Song Lyrics - කොහේදෝ දුර ඈත කුටියක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, May 25, 2022 Rating: 5

0 comments:

Post a Comment