Kellani Nubala Song Lyrics - කෙල්ලනි නුඹලා ගීතයේ පද පෙළ

Kellani Nubala Song Lyrics - කෙල්ලනි නුඹලා ගීතයේ පද පෙළ

Kellani Nubala Song Lyrics - කෙල්ලනි නුඹලා ගීතයේ පද පෙළ
Song Title : Kellani Nubala (කෙල්ලනි නුඹලා)
ගායනය : ආනන්ද සමරකෝන් සහ කේ. රාණි ඇතුළු පිරිස
පද හා තනුව : ආනන්ද සමරකෝන්
1955 දී තිරගත වූ "සැඩ සුළං" චිත්‍රපටියේ ගීයකි.


ගමන දුර... නිසයි සිව්පද.. කියන්නේ ....
වෙහෙස මඟ.. (ර්ර්..ර්ර්ර්.. මඃ වයිරා මඃ මඃ) හැරෙයි ඇඟපත නිවන්නේ (ච්. ච්. මඃ පුතා මඃ)
හා..ආ..
නොකියන් කවිය ඔය ගොරහැඩි හඬින්නේ ...
මොකටද ගොනුන් කලබල කර හරින්නේ (හ් හ් හ් හහ් හහ් හ්..)

කෙල්ලනි නුඹලා දන්නෙ නටන්නයි මා දන්නේ කීමට පමණයි //
කවදා මුත් මම ගායකයෙක් වී නුඹලා හැම පරදනවාමයි
නුඹලා හැම පරදනවාමයි

එහෙම වුණොත් නම් බොහොම අගෙයි මේ
ගමන් වලට හරි ප්‍රයෝජනයි //
ඔය කටහඞ ඇසුණොත් කොටි වලසුන් පවා දුවාත් නොහිතම සත්තයි
පවා දුවාත් නොහිතම සත්තයි

ඕ හරි ගායකයා
කියපන් කියපන් උඹ හරි රුසියා
ආ.. රුසියා උඹ හරි රුසියා //

ගේ දොර වතු පිටි අපටා නෑ කිසි ලෝකය අපගේ නිවසයි මේ
අපගේ ආහර නැටුම් ගැයුම් වෙති ප්‍රීතිය දෙන්ටයි අපි ඉන්නේ

දිනන්ට කිසිවක් අපටා නෑ ලොව නැතිකරගන්ටත් කිසිත් නැතී
අපි දෙන ප්‍රීතිය දහස් ගණන් හට කිසිදා කිසිවිට නැති නොමවේ
කිසිදා කිසිවිට නැති නොම වේ

ඕ... ඕඕ...

දුෂ්කර ලෝකේ කම්කරුවෝ අපි අප සතු වස්තුව සමගිය වේ // (ඒ.. ඒඒඒ...)
එය සොරකම් කර ගන්ට අපෙන් හෙම නොහැකිය කිසිවෙකුටත් මෙලොවේ
නොහැකිය කිසිවෙකුටත් මෙලොවේ

ඕ අපි ගායකයෝ
කියමු කියමු අපි හැම රුසියෝ
ඕ.. රුසියෝ අපි හැම රුසියෝ ////

ඉහත ගීතය සුනිල් එදිරිසිංහ, නන්දා මාලිනිය සමගින් මෙසේ ගායනා කළා පසු කලෙක..


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kellani Nubala Song Lyrics - කෙල්ලනි නුඹලා ගීතයේ පද පෙළ Kellani Nubala Song Lyrics - කෙල්ලනි නුඹලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 07, 2022 Rating: 5

0 comments:

Post a Comment