Indeewari Song Lyrics - ඉන්දීවරී ගීතයේ පද පෙළ

Indeewari Song Lyrics - ඉන්දීවරී ගීතයේ පද පෙළ
Song Title : Indeewari (ඉන්දීවරී)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : තිළිණි ජිතේන්ද්‍රිකා අතුකෝරාළ
තනුව : දර්ශන රුවන් දිසානායක


තුරුණු හිත ළඟ
සරත් සමයක
පිපී ආ ඉන්දීවරී
සැඳෑ සක්මන අහවරයි දැන්
පෙති විදාපන් ගෝමරී

සොඳුරු ගගනත
සරන සියොතුන්
කරයි කෙළි මනමාලකම්

උන්ට නොදැනී
දියතලාවෙන්
හැඩ බලාපන් සීරුවෙන්

තුරුණු හිත ළඟ
පියුම් වනයේ
සරන නෙතු දැල්
වෙළී පැටළෙන මානයේ

පෙති හැලෙන්නට
නොදී රැකගන්
හෙටත් පිබිදෙන්නට තියේ //

තුරුණු හිත ළඟ
සරත් සමයක
පිපී ආ ඉන්දීවරී
සැඳෑ සක්මන අහවරයි දැන්
පෙති විදාපන් ගෝමරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Indeewari Song Lyrics - ඉන්දීවරී ගීතයේ පද පෙළ Indeewari Song Lyrics - ඉන්දීවරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 31, 2022 Rating: 5

0 comments:

Post a Comment