Hikkaduwe Tharuna Kello Song Lyrics - හික්කඩුවෙහි තරුණ කෙල්ලො ගීතයේ පද පෙළ

Hikkaduwe Tharuna Kello Song Lyrics - හික්කඩුවෙහි තරුණ කෙල්ලො ගීතයේ පද පෙළ
Song Title : Hikkaduwe Tharuna Kello (හික්කඩුවෙහි තරුණ කෙල්ලො)
නව ගායනය : සහන් ජයශාන්ත
ගායනය : එම්.වී. ගුණදාස
සංගීතය : එම්.වී. ගුණදාස
ගී පද : එම්.වී. ගුණදාස


හික්කඩුවෙහි තරුණ කෙල්ලො
මා ගැන සැලකිලිමත් වී
හදිස්සි වුනු නිසා ඔහුන්
ඇත අද දින බොහො දුක්වී

කිව්වට දැන් මෙහෙම කතා
නැහැ තාමත් කෙනෙක් පතා //

මේ වෙනකන් මම හිටියේ
බොහො සතුටින් බව හිතන්න
බලාපොරොත්තුවක් තිබෙයි
තවදුරටත් මෙහෙම ඉන්න

ආවට බොරු සෙනෙහෙ පපා
කරදර දෙන කෙල්ලො එපා...
ආවට බොරු සෙනෙහෙ පපා
වද දෙන කළු කෙල්ලො එපා...

සංසාරේ සරණ තුරා
සුදු කෙල්ලව හමුවන තුරු
ඇය වෙනුවෙන් ආදරෙ මං
පුද කරනවා මියයන තුරු

එන්න මගේ අත ඉල්ලා
බදිනෙමි පෙම් ඔන්චිල්ලා //

හොද කෙල්ලක් හොයනා එක
කළුනික හොයනවා වාගෙයි
වදයක් නැහැනේ දෙයියනි
තනිකඩකම බොහොම අගෙයි

ආවට බොරු සෙනෙහෙ පපා
කරදර දෙන කෙල්ලො එපා //
ආවට බොරු සෙනෙහෙ පපා
වද දෙන කළු කෙල්ලො එපා

ලව්කරලා බදිනවා මං
බැහැ බැදලා ලව් කරන්න
පව් කරලා නැහැනේ මං
පුළුවනි කෙල්ලක් ලබන්න

නංගිල මේ ටික අහන්න
කපුකම් නම් එපා ඔන්න
තනිකඩ මට මෙහෙම ඉන්න
ආසයි මං කල් ගෙවන්න

එහෙම කෙනෙක් ඉන්නවා නම්
මා ගැන ඉඟි බිගි කරන්න //
බොහොම හොදින් මා හමුවී
අයි ලව් යූ බව කියන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hikkaduwe Tharuna Kello Song Lyrics - හික්කඩුවෙහි තරුණ කෙල්ලො ගීතයේ පද පෙළ Hikkaduwe Tharuna Kello Song Lyrics - හික්කඩුවෙහි තරුණ කෙල්ලො ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 30, 2022 Rating: 5

0 comments:

Post a Comment