Basa Sithala Gangule Song Lyrics - බැස සීතල ගඟුලේ ගීතයේ පද පෙළ

Basa Sithala Gangule Song Lyrics - බැස සීතල ගඟුලේ ගීතයේ පද පෙළ
Song Title : Basa Sithala Gangule (බැස සීතල ගඟුලේ)
ගායනය : ආනන්ද සමරකෝන් සහ වී.පී. ලීලාවතී
තනුව හා පද : ආනන්ද සමරකෝන්


බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නඟෝ
හඳපානේ .....
හඳපානේ .....
බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නඟෝ

සීතල ජලය අගෙයි ගත සිත පිනයි පිනයි //
පොඩි පොඩි රැලිද නගී රාසි රාසි පෙළ ගැසී ගැසී //
හඳපානේ .....
හඳපානේ .....
බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නඟෝ

සමනල කන්ද පෙනේ කදිමට හඳ එලියේ //
හනිකට බසිමු නගෝ නාමු නාමු ගිළෙමින ජලයේ //
හඳපානේ .....
හඳපානේ .....
බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නඟෝ

මානෙල් ඕලු නෙළුම් පිපිලා යසයි යසයි //
නෙළමින පීනමුකෝ ප්‍රීති ප්‍රීති වෙමින බෝ ලෙසේ //
හඳපානේ .....
හඳපානේ .....
බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නඟෝ

ජලයේ ගිළී මෙසේ පිරිසිදු වෙමුකො නඟෝ //
අළුයම වඳින ලෙසින සාදු සාදු ඒ මුනි සිරිපා //
හඳපානේ .....
හඳපානේ .....
බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නඟෝ

නෙළමින මේ කුසුමන් සිරිපා වඳිමු බැතින් //
එ සමන් දෙවි පිහිටෙන් යාමු යාමු අපි හිමිදිරියේ //
හඳපානේ .....
හඳපානේ .....
බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නඟෝ

හිඳිමු ද මෙහිම නඟෝ පොඩි පැල්පතක් තනා //
හැමදා වඳිනට හැක සාදු සාදු ඒ මුනි සිරිපා //
හඳපානේ .....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Basa Sithala Gangule Song Lyrics - බැස සීතල ගඟුලේ ගීතයේ පද පෙළ Basa Sithala Gangule Song Lyrics - බැස සීතල ගඟුලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 30, 2022 Rating: 5

0 comments:

Post a Comment