Dasa Wasagami Oba Nopenennata Song Lyrics - දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට ගීතයේ පද පෙළ

Dasa Wasagami Oba Nopenennata Song Lyrics - දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට ගීතයේ පද පෙළ
Song Title : Dasa Wasagami Oba Nopenennata (දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට)
ගායනය : පුණ්‍යා කත්‍රිආරච්චි
පද : දයා ද අල්විස්
තනුව : විශාරද ගුණදාස කපුගේ


දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
හිත හිර කරගමි ඔබට නො එන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා

අහසට ඔසවන විටකදි නෙත් යුග
හිරු සඳු වී ඔබ හිනැහෙනවා
මිහිමත පියකරු දසුනක් වේ නම්
ඔබ රුව ඒ තුළ දැවටෙනවා

පාළුව ඉවසා මා තනි වෙද්දී
සුසුමක් වී පසුපස එනවා
කල්පිත ලෝකේ ගී පොත පෙරළා
ගීයක් වී ඔබ වැළපෙනවා

අහසත් පොළොවත් ඔබම ද මා හට
නැතිවද ඔබ මා හැර යන්නේ
තහනම් දේසේ බැඳි බැමි බිඳ දා
කෙදිනද ඔබ මා හමුවන්නේ

දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
හිත හිර කරගමි ඔබට නො එන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dasa Wasagami Oba Nopenennata Song Lyrics - දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට ගීතයේ පද පෙළ Dasa Wasagami Oba Nopenennata Song Lyrics - දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 04, 2022 Rating: 5

0 comments:

Post a Comment