Api Handata Giyath Song Lyrics - අපි හඳට ගියත් ගීතයේ පද පෙළ

Api Handata Giyath Song Lyrics - අපි හඳට ගියත් ගීතයේ පද පෙළ

Api Handata Giyath Song Lyrics - අපි හඳට ගියත් ගීතයේ පද පෙළ
Song Title : Api Handata Giyath (අපි හඳට ගියත්)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ එම්.එස්. ප්‍රනාන්දු
පද : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීත අධ්‍යක්ෂණය : පී.එල්.ඒ. සෝමපාල
1975 වසරේ තිරගතවූ "ලස්සන කෙල්ල" චිත්‍රපටියේ ගීයකි.


අපි හඳට ගියත් ඉරට ගියත් දිණුම් දිණුම් දිණුම් දිණුම්
කොයි කවුරුත් තෝරා නෑ අපේ ගණන් ගණන් ගණන්
හඳට ගියත් ඉරට ගියත් දිණුම් දිණුම් දිණුම් දිණුම්
කොයි කවුරුත් තෝරා නෑ මෙච්චරකල් අපේ ගණන්

හඳට ගියත් ඉරට ගියත් දිණුම් දිණුම් දිණුම් දිණුම්
කොයි කවුරුත් තෝරා නෑ අපේ ගණන් ගණන් ගණන්
හඳට ගියත් ඉරට ගියත් දිණුම් දිණුම් දිණුම් දිණුම්
කොයි කවුරුත් තෝරා නෑ මෙච්චරකල් අපේ ගණන්

දියත් එකයි ගොඩත් එකයි අපි රජ කොල්ලෝ (කොල්ලෝ)
අදත් අපෙයි හෙටත් අපෙයි ගජමුතු බෙල්ලෝ (බෙල්ලෝ)
මූදෙන් යන්නට පුළුවනි ඇඟ නොතෙමෙන්න
හීනෙන්වත් හිතන්නෙපා අපෙන් දිනන්න

අපි හඳට ගියත් ඉරට ගියත් දිණුම් දිණුම් දිණුම් දිණුම්
කොයි කවුරුත් තෝරා නෑ අපේ ගණන් ගණන් ගණන්
හඳට ගියත් ඉරට ගියත් දිණුම් දිණුම් දිණුම් දිණුම්
කොයි කවුරුත් තෝරා නෑ මෙච්චරකල් අපේ ගණන්

ළිඳක වතුර එකම නෙළුම් කොළේට ගන්නම් (ගන්නම්)
මලක රේණු රත්තරනින් හදාලා දෙන්නම් (දෙන්නම්)
වත්තක් පටවන් එන්නම් බර කරත්තෙකින්
කන්දක් පෙරළා දෙන්නම් අල්පෙනෙත්තකින්

අපි හඳට ගියත් ඉරට ගියත් දිණුම් දිණුම් දිණුම් දිණුම්
කොයි කවුරුත් තෝරා නෑ අපේ ගණන් ගණන් ගණන්
හඳට ගියත් ඉරට ගියත් දිණුම් දිණුම් දිණුම් දිණුම්
කොයි කවුරුත් තෝරා නෑ මෙච්චරකල් අපේ ගණන්

වලාකුළෙන් ගල් පර්වත ඔතාලා ගන්නම් (ගන්නම්)
යකඩ කදන් හුළැඟිල්ලෙන් කපාලා දෙන්නම් (දෙන්නම්)
කිරි වාගේ සුදු කරලා ගන්නද අඟුරූ
මල් පෙත්තෙන් ගිණි තියලා දෙන්නද කපුරූ

අපි හඳට ගියත් ඉරට ගියත් දිණුම් දිණුම් දිණුම් දිණුම්
කොයි කවුරුත් තෝරා නෑ අපේ ගණන් ගණන් ගණන්
හඳට ගියත් ඉරට ගියත් දිණුම් දිණුම් දිණුම් දිණුම්
කොයි කවුරුත් තෝරා නෑ මෙච්චරකල් අපේ ගණන්

වැල්ලෙන් අරගෙන එන්නම් බොටද සාගරේ (සාගරෙ)
අල්ලේ පැදගෙන යන්නම් අහස් යන්තරේ (යන්තරෙ)
විලක් හාරලා දෙන්නම් මල් සාප්පුවේ
නැවක් හංගගෙන එන්නම් උඩ සාක්කුවේ

අපි හඳට ගියත් ඉරට ගියත් දිණුම් දිණුම් දිණුම් දිණුම්
කොයි කවුරුත් තෝරා නෑ අපේ ගණන් ගණන් ගණන්
හඳට ගියත් ඉරට ගියත් දිණුම් දිණුම් දිණුම් දිණුම්
කොයි කවුරුත් තෝරා නෑ මෙච්චරකල් අපේ ගණන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Handata Giyath Song Lyrics - අපි හඳට ගියත් ගීතයේ පද පෙළ Api Handata Giyath Song Lyrics - අපි හඳට ගියත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 19, 2022 Rating: 5

0 comments:

Post a Comment