Akke Akke Ara Balannako Song Lyrics - අක්කෙ අක්කෙ අර බලන්නකෝ ගීතයේ පද පෙළ

Akke Akke Ara Balannako Song Lyrics - අක්කෙ අක්කෙ අර බලන්නකෝ ගීතයේ පද පෙළv
Song Title : Akke Akke Ara Balannako (අක්කෙ අක්කෙ අර බලන්නකෝ)
ගායනය : සූරිය ශන්කර් මොල්ලිගොඩ සහ වී.පී. ලීලාවතී
පද හා තනුව : ආනන්ද සමරකෝන්


අක්කෙ අක්කෙ අර බලන්නකෝ
වැස්සක් නොවැ එන්නේ //

හෝ හෝ හෝ ගා ගෙන එන්නේ
ගස් ගල් පෙරළෙන්නේ //

සුළං තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වලාකුළක් මේ එන්නේ

අක්කේ වී පැදුරත් මිදුලේ
අකුලා ගෙට ගන්නේ //
අම්මත් අර නා ගෙන එන්නේ //
මල්ලි තවම කුඹුරේ //

සුළං තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වලාකුළක් මේ එන්නේ

නංගි සුදෝ මගෙ හඬන්ටෙපා
අම්ම හනික දැන් එයි //
බිල්ලො නොවෙයි ඔය ගොරවන්නේ //
අහසේ හෙණ නාදේ //

සුළං තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වලාකුළක් මේ එන්නේ

අක්කේ දර ටික ගෙට ගනිමූ
වැහි පොද වැටෙනවනේ //
වතුරත් ඉවරයි කළ ගෙඩියේ //
හනික ළිඳට යමුකෝ //

සුළං තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වලාකුළක් මේ එන්නේ
අක්කෙ අක්කෙ අර බලන්නකෝ
වැස්සක් නොවැ එන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Akke Akke Ara Balannako Song Lyrics - අක්කෙ අක්කෙ අර බලන්නකෝ ගීතයේ පද පෙළ Akke Akke Ara Balannako Song Lyrics - අක්කෙ අක්කෙ අර බලන්නකෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 31, 2022 Rating: 5

0 comments:

Post a Comment