දවසේ වැදගත්කම - මැයි 21 ජාත්‍යන්තර තේ දිනය (Significance Of The Day - May 21 International Tea Day)

දවසේ වැදගත්කම - මැයි 21 ජාත්‍යන්තර තේ දිනය (Significance Of The Day - May 21 International Tea Day) - Your Choice Way

ඔබ මේ සටහන කියවන්න පටන්ගන්න මේ වෙලාවේ සමහර විට ඔබේ අතේ තේ කෝප්පයක් ඇති. නැත්තං බීලා ඉවර වුණ තේ කෝප්පයක් අහළ පහළක ඇති. එහෙමත් නැත්තං දැන් නම් තේ එකක් බිව්වොත් හොඳයි කියල හරි හිතෙනවා ඇති.

ලංකාවේ අපේ ජීවිතවලට බත් තරමට ම සමීප තවත් දෙයක් තියනව නම් ඒ තමයි තේ. අපිට එක තේ කෝප්පයක් හෝ නොබී ගෙවෙන දවසක් උදා වෙන්නේ කලාතුරකින්. ඒ වගේ ම ඕන ම වැදගත් අවස්ථාවකදී, සංග්‍රහයකදී ආගන්තුක සත්කාරය වෙනුවෙන් පෙරමුණ ගන්නෙ තේ එකක්. ඉතින් තේ අපේ සංස්කෘතියේ ම කොටසක් වෙලා නිසා ලංකාවයි තේයි අතරෙ තියෙන්නෙ බොහොම ළඟ බැඳීමක්. අපි තේ බොන රටක් විතරක් නොවී, තේ නිෂ්පාදනය සිදු කරන රටක් වීම තමයි ඒකට හේතුව.

ඊයේ, මැයි 21 ජාත්‍යන්තර තේ දිනය.

තේ දිනයක් උත්කර්ෂයෙන් සැමරුවත්, ලංකාවේ තේ කර්මාන්තය කියන්නෙ උත්කර්ෂයෙන් සමරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට හේතුව, තේ කර්මාන්තය එක්ක බිම් මට්ටමින් සම්බන්ධ මිනිස්සුන්ගේ ජීවිතවල තියන දුක්ඛිත බව. කොරෝනා වසංගතය නිසා නිවී සැනසිල්ලේ ගෙදරට වෙලා ඔබ බොන තේ කෝප්පය ඔබේ අතට ගෙනත් දෙන්න දහඩිය හෙළපු මිනිස්සු, කොරෝනා වසංගතය නිසා ම පත් වෙලා ඉන්න ජීවන තත්ත්වය ගැන ඔබට අදහසක් තියනවා ද?

මේ සටහන ඒ ගැන.

තේ කියන්නේ ජලයට පස්සේ ලෝකයේ වැඩිපුර ම පරිභෝජනය කෙරෙන පානය. ජාත්‍යන්තර තේ දිනය මීට පෙර, එනම් 2005 වසරේ සිට සැමරුණේ දෙසැම්බර් 15 වෙනිදා. මේ වසරේ එක්සත් ජාතීන්ගේ මහා සභාව විසින් මැයි 21 වැනිදා ජාත්‍යන්තර තේ දිනය වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් එය උත්කර්ෂයෙන් සැමරුණා. එහි අරමුණ තේ හා බැඳුණු දීර්ඝ ඉතිහාසයත්, ලොව පුරා වන සංස්කෘතික හා ආර්ථික විශේෂතාත් සිහිපත් කිරීමයි. කුසගින්න සහ දිළිඳුකමට එරෙහි සටනේ දී තේ කර්මාන්තයේ කාර්යභාරය ගැන වගේ ම, තිරසාර නිෂ්පාදනය ගැනත් ජාත්‍යන්තර තේ දිනයේදී අවධානය යොමු වුණා.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, වියට්නාමය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, කෙන්යාව, මලාවි, මැලේසියාව, තුර්කිය, මියන්මාරය, ඉරානය, රුවන්ඩාව උගන්ඩාව සහ ටැන්සානියාව වැනි තේ නිෂ්පාදනයේ පුරෝගාමී රටවල පවුල් මිලියන ගණනක ජීවනෝපාය තේ කර්මාන්තයයි. මේ රටවල් බොහොමයක් දියුණු වෙමින් පවතින, නැත්නම් දිළිඳු රටවල් වීම සහ, මේ හැම රටක  ම බිම් මට්ටමින් තේ කර්මාන්තයේ යෙදී ඉන්න ශ්‍රමිකයන්, අන්ත දිළිඳු පිරිසක් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය
තේ පැලයක් ඉස්ඉස්සෙල්ලා ම චීනයෙන් ලංකාවට ගේන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන්. ඔවුන් එය පැල කරන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ. ඒත් කර්මාන්තයක් විදිහට මුලින් ම ලංකාවේ තේ වගාව ඇරඹෙන්නේ, 1852 දී ලංකාවට පැමිණි ජේම්ස් ටේලර්, 1867 දී මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට ප්‍රදේශයේ අක්කර 19ක භූමි භාගයක තේ වගා කරලා, ලූල්කඳුර වතු යාය පිහිටුවීමත් එක්ක.

එතැන් සිට මේ දක්වා ගෙවුණු වසර 153ක පමණ කාලයේදී තේ කර්මාන්තය අතුපතර විහිදුණු විශාල ගසක් සේ ඉතා සරුවට වැඩී වර්ධනය වුණා. 1938 දී ප්‍රථම වරට තලවාකැලේ ප්‍රදේශයේ තේ පර්යේෂණ ආයතනයක් ද පිහිටුවනු ලැබුවා. අද වන විට ලංකාව, ලෝකයට තේ අපනයනය කරන රටවල් අතර ප්‍රමුඛස්ථානයක් උසුලනවා.

දවසේ වැදගත්කම - මැයි 21 ජාත්‍යන්තර තේ දිනය (Significance Of The Day - May 21 International Tea Day) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - මැයි 21 ජාත්‍යන්තර තේ දිනය (Significance Of The Day - May 21 International Tea Day) දවසේ වැදගත්කම - මැයි 21 ජාත්‍යන්තර තේ දිනය (Significance Of The Day - May 21 International Tea Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 22, 2022 Rating: 5

0 comments:

Post a Comment