Tharu Rana Ridi Pata Pata Song Lyrics - තරු රෑන රිදී පාට පාට ගීතයේ පද පෙළ

Tharu Rana Ridi Pata Pata Song Lyrics - තරු රෑන රිදී පාට පාට ගීතයේ පද පෙළ
Song Title : Tharu Rana Ridi Pata Pata (තරු රෑන රිදී පාට පාට)
ගායනය : ගුණදාස කපුගේ
පද : කුලරත්න ආරියවංශ
තනුව : එච්. එම්. ජයවර්ධන


තරු රෑන රිදී පාට පාට
පාවි දිලී ඈත මෑත
නීල වලා යාය සිසාරා
සඳපාන මුවාවී බලාවී
සීත පවන් ගී ගයාවි
පාළු රැයේ මා තනිවෙලා

ඈත පිපී රෑ කුසුමන් සුවඳ ගලාලා
පාළු මගේ පැල සරසා මෑත ඇදීලා
සිහින රැයේ ඈ හිනැහේ ඈත රැඳීලා
දෑස ඇගේ මා කළඹයි සීත දැනීලා

තරු රෑන රිදී පාට පාට
පාවි දිලී ඈත මෑත
නීල වලා යාය සිසාරා
සඳපාන මුවාවී බලාවී
සීත පවන් ගී ගයාවි
පාළු රැයේ මා තනිවෙලා

මා තනිවූ තනි පැදුරේ අඳුර නිවාලා
දෑස මුදා නිදි දැහැනේ හැඟුම් දවාලා
මා නොපෙලා තව නොදිලෙයි කැළුම් නිවාලා
බාල සඳේ මා හැරයන් ඈත බලාලා

තරු රෑන රිදී පාට පාට
පාවි දිලී ඈත මෑත
නීල වලා යාය සිසාරා
සඳපාන මුවාවී බලාවී
සීත පවන් ගී ගයාවි
පාළු රැයේ මා තනිවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharu Rana Ridi Pata Pata Song Lyrics - තරු රෑන රිදී පාට පාට ගීතයේ පද පෙළ Tharu Rana Ridi Pata Pata Song Lyrics - තරු රෑන රිදී පාට පාට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2022 Rating: 5

0 comments:

Post a Comment