සිංහල අච්චාරු හදමු (Sinhala Achcharu)

සිංහල අච්චාරු හදමු (Sinhala Achcharu) - Your Choice Way

විවිධ පලාත්වල නොයෙක් ක්‍රම වලට මේ සිංහල අච්චාරු සකස් කරනවා. ඉතිං මම නම් දකුණු පලාතේ, අපේ ගම් පලාතේ හදන විදිය වට්ටෝරුවක් තමයි ඔන්න මං ඔයාලට ගෙනාවෙ. මං මේකට ගස්ලබු ගැටයක් සිහින්ව ලියාගෙන එකතු කලා ඉතිං ඔයාලට කැමති හැඩයකට ඔයාලගෙ විදියට එකතු කර ගන්න පුළුවන් 😍. එහෙනම් අපි හදලා බලමු .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌶️ රතුලූණු 500g ක්
  • 🌶️ අමු මිරිස් 200g ක්
  • 🌶️ ගස්ලබු ගැටයක් 
  • 🌶️ සුදුළූණු බික් 6 ක් පමණ 
  • 🌶️ ඉඟුරු කැබැල්ලක් 
  • 🌶️ මුරුංගා පොතු කැබැල්ලක් 
  • 🌶️ විනාකිරි කෝප්ප 2 ක් පමණ 
  • 🌶️ ගම්මිරිස් කුඩු තේ හැඳි 2 ක් පමණ 
  • 🌶️ මිරිස් කුඩු මේස හැඳි 2 ක්
  • 🌶️ අබ මේස හැඳි 3ක්
  • 🌶️ කහකුඩු තේ හැඳි 1/2 ක්
  • 🌶️ සීනි තේ හැඳි 2 ක් 
  • 🌶️ අවශ්‍ය පමණ ලුනු 

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ මුලින්ම රතුලූණු සුද්ද කර සෝදා ගන්න . ලොකු ලූණු තියෙනවා නම් දෙකට කපා ගන්න . ලූණු තෝරා ගනිද්දි කුඩා ලූණු ගන්න.
  2. ♨️ අමු මිරිස් සෝදා මැදින් වෙන් නොවන ලෙස මැදින් දෙකට පලා ගන්න.
  3. ♨️ ගස්ලබු ගැටය සුද්ද කර සිහින්ව ලියා ගන්න.
  4. ♨️ අබ ටික විනාකිරෙන් අඹරා ගන්න.
  5. ♨️ දැන් මැටි බඳුනක් ගෙන එයට වතුර කෝප්ප 2 ක් පමණ දමා ලුනු ටිකක් ,කහ කුඩු ටිකක් ද එකතු කර දියකර ලිප තබා නටවන්න.
  6. ♨️ වතුර නටන විට අමු මිරිස් ටික දමා විනාඩියකින් පමණ ඉවතට ගෙන දිය බේරෙන්න කිරි ගොටුවකට දමන්න.
  7. ♨️ රතුලූණු, ගස්ලබු කැබලි සහ මුරුංගා පොතු ටිකද මේ ලුනු මිශ්‍ර නටන වතුරේ වෙන වෙනම දමා විනාඩියකින් පමණ ඉවතට ගෙන දිය බේරා ගන්න.
  8. ♨️ දැන් ඉඟුරු ,සුදුළූනු සිහින්ව අඹරා ගන්න.
  9. ♨️ මුරුංගා පොතු තලා ගන්න.
  10. ♨️ දැන් මැටි බඳුනක් ගෙන එයට අඹරාගත් අබ, කහකුඩු ,ගම්මිරිස් කුඩු,මිරිස් කුඩු, තලාගත් මුරුංගා පොතු , අඹරාගත් ඉඟුරු ,සුදුළූනු ,සීනි සහ අවශ්‍ය පමණ ලුනු එකතු කරන්න.
  11. ♨️ එයට විනාකිරි ද එකතු කර හොඳින් මිශ්‍ර කර ලිප තබා රත් කරන්න.
  12. ♨️ රත් වූ පසු ලිපෙන් ඉවතට ගෙන තම්බාගත් රතුළූනු ,අමු මිරිස් , ගස්ලබු කැබලි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  13. ♨️ ලුනු රස බලා මදි නම්  එකතු කර ගන්න.
  14. ♨️ පසුව සුලං නොවදින වීදුරු බෝතලයක හෝ මැටි මුට්ටියක දමා පසුදින සිට පාවිච්චියට ගන්න.

හෙළයේ රස මිහිර
සිංහල අච්චාරු හදමු (Sinhala Achcharu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සිංහල අච්චාරු හදමු (Sinhala Achcharu) සිංහල අච්චාරු හදමු (Sinhala Achcharu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 18, 2022 Rating: 5

0 comments:

Post a Comment