Your Choice Way

Sigiri Giyak Obe Hadawathe Liyanna Denawada Song Lyrics - සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද ගීතයේ පද පෙළ

Sigiri Giyak Obe Hadawathe Liyanna Denawada Song Lyrics - සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද ගීතයේ පද පෙළ
Song Title : Sigiri Giyak Obe Hadawathe Liyanna Denawada (සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද)
ගායනය : නි‍රෝෂා විරාජිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ස්ටැන්ලි පීරිස්


සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද
සඳකඩ පහනක් ඔබේ හදවතේ නෙළන්න දෙනවාද
රන්මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද
මියෙන තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද

සුළං රැලක් සේ පාවි ආවත්
සුළං රැලක් සේ ආපසු යන්නට බෑ
සුසුම් පොදක් වී රහසේ වැදුනත්
තවත් ඉතින් මට රහසේ ඉන්නට බෑ //

සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද
සඳකඩ පහනක් ඔබේ හදවතේ නෙළන්න දෙනවාද
රන්මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද
මියෙන තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද

ජිවිතයේ නව සුවඳ සදා දෙන සැමදා
ඔබවන් සුවඳක් කිසි මල් උයනක නෑ
මේ දිගු ගමනේ විඩා නිවා සිත නිවනා
ඔබවන් සිසිලක් හිමගත අරණක නෑ //

සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද
සඳකඩ පහනක් ඔබේ හදවතේ නෙළන්න දෙනවාද
රන්මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද
මියෙන තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sigiri Giyak Obe Hadawathe Liyanna Denawada Song Lyrics - සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද ගීතයේ පද පෙළ Sigiri Giyak Obe Hadawathe Liyanna Denawada Song Lyrics - සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, April 02, 2022 Rating: 5

0 comments:

Post a Comment