Pawa Yanna Song Lyrics - පාව යන්න ගීතයේ පද පෙළ

Pawa Yanna Song Lyrics - පාව යන්න ගීතයේ පද පෙළ
Song Title : Pawa Yanna (පාව යන්න)
ගායනය : ලෙලුම් රත්නායක
සංගීතය : නදීක ගුරුගේ
ගී පද : චාමින්ද රත්නසූරිය


පාවී...
පාව යන්න වැහි වලාකුල
මේ ගිණියම් අව්රැස මට විඳගන්න හැකි
දුර කඳු නිම්න තැනිතලා
පසුකර යන්න ඈ වෙතට
තෙතමනයක් නැති ඇගේ හදට

මහ වරුසාවක් වී හැලෙන්න
මහ වරුසාවක් වී හැලෙන්න

කතරක දුක උහුලාගෙන
මට ඉන්න හැකි
ඉපල් නැගෙන අතුපතරින්
හමනා උණුසුම ඉවසාගන්න හැකි
කතරක දුක උහුලාගෙන
මට ඉන්න හැකි
ඉපල් නැගෙන අතුපතරින්
හමනා උණුසුම විඳගන්න හැකි

මහ වරුසාවක් වී හැලෙන්න
මහ වරුසාවක් වී හැලෙන්න

ගිම්හානේ අහසට
මට ලොල් බඳිත හැකි
තරු එළියක මද කැල්මෙන්
වෑහෙන පිණි පොද උහුලාගන්න හැකි
ගිම්හානේ අහසට
මට ලොල් බඳිත හැකි
තරු එළියක මද කැල්මෙන්
වෑහෙන පිණි පොද උහුලාගන්න හැකි

මහ වරුසාවක් වී හැලෙන්න
මහ වරුසාවක් වී හැලෙන්න //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pawa Yanna Song Lyrics - පාව යන්න ගීතයේ පද පෙළ Pawa Yanna Song Lyrics - පාව යන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2022 Rating: 5

0 comments:

Post a Comment