Obe Pem Wadan Na Song Lyrics - ඔබේ පෙම් වදන් නෑ ගීතයේ පද පෙළ

Obe Pem Wadan Na Song Lyrics - ඔබේ පෙම් වදන් නෑ ගීතයේ පද පෙළ
Song Title : Obe Pem Wadan Na (ඔබේ පෙම් වදන් නෑ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය : ටී.ඒෆ්. ලතීෆ්


ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැඟුම් නෑ එදාමෙන් නැඟෙන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ

මෙමා මුණ ගැසීමත් විඩාවක් වුණේ දෝ
මෙමා හා දෙඩීමත් විඩාවක් වගේ දෝ
දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
අදයි ඔබව කලෙකින් පසු මා දුටූවේ

ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැඟුම් නෑ එදාමෙන් නැඟෙන්නේ

හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
ඔබේ මුළු හදින් පෙම් කළා මට වතාවක්
බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න හීනෙන් කියන්නම් කතාවක්

ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැඟුම් නෑ එදාමෙන් නැඟෙන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ

1965 දී තිරගත වූ "අර්සු" (Arzoo) චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ "Ae Phoolon Ki Rani" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

ජෝති මේ ගීය මුල්වරට ගැයුවේ "අර්සු" (Arzoo) චිත්‍රපටිය ලංකාවේ ප්‍රදර්ශනය වී වැඩි කාලයක් ගත වීමටත් පෙරයි.  "අර්සු"  (Arzoo) චිත්‍රපටියත් එහි ගීතත් ලාංකීය ප්‍රේක්ෂකයින් තදින් ඇඳ බැඳ ගැනීමට සමත් විය.

ජෝති ගැයූ මේ ගීය 1968 දී EP තැටියකට නැගුණා, "පිලිප්ස් ලේබලයෙන්. (තැටි අංක Philips / JVPC 1006)

හින්දි ගීයේ පද


ai phulo ki rani baharo ki malika
tera muskurana gazab ho gaya
ai phulo ki rani baharo ki malika
tera muskurana gazab ho gaya
na dil hosh me hai na ham hosh me hai
nazar ka milana gazab ho gaya

tere hoth kya hai gulabi kaval hai
ye do pattiya pyar ki ik gazal hai
vo nazuk labo se muhabbat ki bate
hami ko sunana gazab ho gaya
ai phulo ki rani baharo ki malika
tera muskurana gazab ho gaya

kabhi khul ke milna kabhi khud jhijhakana
kabhi rasto par bahakna machalna
ye palko ki chilaman uthakar girana
girakar uthana gazab ho gaya
ai phulo ki rani baharo ki malika
tera muskurana gazab ho gaya

fizao me thandak ghata bhar javani
tere gesuo ki badi meharabani
har ik pech me saikado maikade hai
tera ladakhadana gazab ho gaya
ai phulo ki rani baharo ki malika
tera muskurana gazab ho gaya
na dil hosh me hai na ham hosh me hai
nazar ka milana gazab ho gaya

Song : Ai Phulo Ki Rani Baharo Ki Malika
Movie : Aarzoo (1965)
Singer : Mohammad Rafi
Music & composed By : Shankar Jaikishan
Lyricist : Hasrat Jaipuri

ऐ फूलों की रानी, बहारों की मलिका
तेरा मुस्कुराना, गज़ब हो गया
न दिल होश में है, न हम होश में हैं
नज़र का मिलाना, गज़ब हो गया

तेरे होंठ क्या हैं, गुलाबी कंवल हैं
ये दो पत्तियां प्यार की इक गज़ल है
वो नाज़ुक लबों से मुहब्बत की बातें
हमीं को सुनाना गज़ब हो गया
ऐ फूलों की रानी...

कभी खुल के मिलना, कभी खुद झिझकना
कभी रास्तों पर बहकना-मचलना
ये पलकों की चिलमन, उठाकर गिराना
गिराकर उठाना, गज़ब हो गया
ऐ फूलों की रानी...

फ़िज़ाओं में ठंडक, घटा पर जवानी
तेरे गेसुओं की बड़ी मेहरबानी
हर इक पेंच में, सैकड़ों मैकदे हैं
तेरा लड़खड़ाना गज़ब हो गया
ऐ फूलों की रानी...

හින්දි ගීයේ රූප රාමු වල රංගනයේ යෙදුනේ  සධානා සමග රාජේන්ද්‍ර කුමාර්.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe Pem Wadan Na Song Lyrics - ඔබේ පෙම් වදන් නෑ ගීතයේ පද පෙළ Obe Pem Wadan Na Song Lyrics - ඔබේ පෙම් වදන් නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 11, 2022 Rating: 5

0 comments:

Post a Comment