Oba Sandak Mayi Song Lyrics - ඔබ සඳක් මැයි ගීතයේ පද පෙළ

Oba Sandak Mayi Song Lyrics - ඔබ සඳක් මැයි ගීතයේ පද පෙළ
Song Title : Oba Sandak Mayi (ඔබ සඳක් මැයි)
ගායනය : නි‍රෝෂා විරාජිනී
පද රචනය : සුනිල් ආර් ගමගේ
තනුව හා සංගීතය : ආනන්ද පෙරේරා


ඔබ සඳක් මැයි
සඳ මගේ මැයි
විඳවනා කඳුළින්
ලතවෙනා සුසුමින්
මුදවනා
ඔබ සඳක් මැයි
සඳ මගේ මැයි

වලා පීරා නැඟෙනු නොව
තාරකා මැද දිලෙනු නොව
ගිම්හාන රාත්‍රියේ
විසල් ගම් බිම් නිවනු නොව
ඔබ ප්‍රේමයේ
නවාතැන ළඟ හිඳිනු මැන

ඔබ සඳක් මැයි
සඳ මගේ මැයි
විඳවනා කඳුළින්
ලතවෙනා සුසුමින්
මුදවනා
ඔබ සඳක් මැයි
සඳ මගේ මැයි

කළල් දිය මත රඳනු නොව
කුමුදකට පෙම් බඳිනු නොව
හුදකලා රාත්‍රියේ
අරුත් සුන් සිත් තැවෙනු නොව
ඔබ ප්‍රේමයේ
නවාතැන ළඟ හිඳිනු මැන

ඔබ සඳක් මැයි
සඳ මගේ මැයි
විඳවනා කඳුළින්
ලතවෙනා සුසුමින්
මුදවනා
ඔබ සඳක් මැයි
සඳ මගේ මැයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Sandak Mayi Song Lyrics - ඔබ සඳක් මැයි ගීතයේ පද පෙළ Oba Sandak Mayi Song Lyrics - ඔබ සඳක් මැයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2022 Rating: 5

0 comments:

Post a Comment