Nadunana Sihine Song Lyrics - නාඳුනන සිහිනේ ගීතයේ පද පෙළ

Nadunana Sihine Song Lyrics - නාඳුනන සිහිනේ ගීතයේ පද පෙළ
Song Title : Nadunana Sihine (නාඳුනන සිහිනේ)
ගායනය : නිරෝෂා විරාජිනී
පද : ඩෙන්සිල් නුගේගොඩ
තනුව : අතුල අධිකාරි


ග ම රි ග
ග ම රිගස //

නාඳුනන සිහිනේ
සාගරය විලසේ
දුර ඈතටම ඇදුණේ
රළ පාවෙවී බිඳුණේ
වේදනා නංවා
ආදරේ හංගා

මාගෙ හද පතුලේ
සාගරය තරමේ
මගෙ ආදරය රැඳුණේ
ඔබ නෑ එලෙස බැඳුණේ
දුක වැඩි හන්දා
මම ඉකිබින්දා
දුක වැඩි හන්දා
මම ඉකිබින්දා

නාඳුනන සිහිනේ
මහ සාගරය විලසේ

හහහ හා හහා

ආදරය හමුවේ
ආ ගමන සිහිවේ
දුර යා හැකිද සෙනෙහේ
හිත වාවනුය බැරිවේ
හඬනා යාමේ (හහහ හා
මා තනි වූයේ (හහහ හා

මා හදට දැනුණේ
මා ළඟම රැඳුණේ
මුදු ඒ සුවඳ විතරයි
දුටුවේ කඳුළු බිඳුවයි
කඳුළ මට මිතුරුයි (හා හා හා හා
තනිය මට උරුමයි (හා හා හා හා
කඳුළ මට මිතුරුයි (හා හා හා හා
තනිය මට උරුමයි (හා හා හා හා

නාඳුනන සිහිනේ
මහ සාගරය විලසේ

ග ම රි ග
ග ම රිගස //

නාඳුනන සිහිනේ
සාගරය විලසේ
දුර ඈතටම ඇදුණේ
රළ පාවෙවී බිඳුණේ
වේදනා නංවා
ආදරේ හංගා

මාගෙ හද පතුලේ
සාගරය තරමේ
මගෙ ආදරය රැඳුණේ
ඔබ නෑ එලෙස බැඳුණේ
දුක වැඩි හන්දා
මම ඉකිබින්දා
දුක වැඩි හන්දා
මම ඉකිබින්දා

නාඳුනන සිහිනේ  (ග ම රි ග ග ම රිගස)
මහ සාගරය විලසේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nadunana Sihine Song Lyrics - නාඳුනන සිහිනේ ගීතයේ පද පෙළ Nadunana Sihine Song Lyrics - නාඳුනන සිහිනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 07, 2022 Rating: 5

0 comments:

Post a Comment