මඤ්ඤොක්කා මිස්රෝ හදමු (Manioc Misro)

මඤ්ඤොක්කා මිස්රෝ හදමු (Manioc Misro) - Your Choice Way

මඤ්ඤොක්කා වලින් රසම රස කෑමක් අදත් ගෙනාවා 😍😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ගාගත් මඤ්ඤොක්කා කෝප්ප 2ක්
  • පොල් කෝප්ප 1ක්
  • ලුනු කුඩු ස්වල්පයක් 
  • බැදීම සඳහා තෙල්
🌼 පැණි පොල් සඳහා :
  • පොල් කෝප්ප  1ක්
  • රස අනුව සීනි (කෝප්ප 1/2ක් පමණ)
  • එනසාල් 

✅ සාදා ගන්නා ආකාරය :

පැණි පොල් සෑදීම ;
  • ✴️ භාජනයක් ලිප තබා සීනි ටික දමන්න.
  • ✴️ වතුර මේස හැඳි 3ක් පමණ දමා සීනි දිය කරන්න.
  • ✴️ සීනි උනුවන විට පොල් දමා මද ගින්නේ මලවා ගන්න.
  • ✴️ ලිපෙන් ඉවතට ගැනීමට පෙර එනසාල් කුඩු ස්වල්පයක් එක් කරන්න.

මිස්රෝ සාදන ක්‍රමය :
  1. ✴️ පොතු හැර සෝදා ගත් මඤ්ඤොක්කා ග්‍රේටරයකින් සිහින්ව ගා ගන්න.
  2. ✴️ මඤ්ඤොක්කා වල වැඩි දියර ගතිය මිරිකා ඉවත් කරන්න.
  3. ✴️ මඤ්ඤොක්කා වලට පොල් හා ලුනු කුඩු මිශ්‍ර කරන්න.
  4. ✴️ කුඩා ප්‍රමාණයේ බෝල සාදා අල්ල මත තබා තුනීකර ඒ මැදට පැණි පොල් ස්වල්පයක් තබා බෝල කර ගන්න.
  5. ✴️ රන්වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බදින්න.

✴️💚✴️💚  ගොඩාක්  රසයි , ඔයාලත්  හදලා රස කියන්න  😍😍😍 💚✴️💚✴️

හෙළයේ රස මිහිර
මඤ්ඤොක්කා මිස්රෝ හදමු (Manioc Misro) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මඤ්ඤොක්කා මිස්රෝ හදමු (Manioc Misro) මඤ්ඤොක්කා මිස්රෝ හදමු (Manioc Misro) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2022 Rating: 5

0 comments:

Post a Comment