Mama Matama Song Lyrics - මම මටම ගීතයේ පද පෙළ

Mama Matama Song Lyrics - මම මටම ගීතයේ පද පෙළ
Song Title : Mama Matama (මම මටම)
Artist & Lyrics : Gloomy x Dr.BSKing x Dinuwa x MinnyMe
Produced by Gloomy
Mixed & Mastered by Aki Vish ( Rewind Studioz )
Directed by  MinnyMe
Colour Grading & Editing by Gaishu G
Videography by Namal sampath


පාට පාට හීන ලෝක මැව්වෙ කරේ නෑ මම
හීන ලෝක අතර තනිව බෙදුන ගමනේ අරුත නොදැන
බල්ලෝ නොකන පිදුරු කුමට රැස් කල බල ඇස් ඇර
නුඹේ විශ්ව රූප දිස්වෙන හැමතිස්සෙම හිත හිස්වෙන
මදුවිත කැස්සට ලොල් උනු වල පල්ලට ගෙල හිරවෙනකොට
මතකයි එදා අම්මා බයකල නොදුටු ගෝනි බිල්ලට
ඇට මිදුලු බිදුනු කදුලු සතුටු සතුටු මිතුරු අතර යෙදුනු
කතුරු කැපෙන විටදි ගැටෙන මතුරන බොරු පැතිරෙන හැටි
වැතිරුනු දේහය පාපයේ සාපය කාසිය මත්තෙම නාඩිය බාරිය වෙනකම් කාරිය මුල විසි කර නැතිකර පිරිමි අදින කොට සාරිය

රට වට කොට දනගත්තා ඇත්ත තිත්ත වෙද්දි පරිහානිය
මගෙම ඇහුවා වැටෙනවාද හැදෙනවාද
රටට මුලුවී සතුරු වාද තේරෙනවාද
වැටිලා බිදිනු සිතට කාලා බීලා කෙල ගහපු මිතුර
මත පිළිබද රැක මුනිවත ලියවුනා මගේ රතු පෑනට

මේ සිංහ නාදකම් හොරැහින් කතා කලා
මට මාව එපා වී දැන් නිදි නෑ හිනා වෙලා
ඉන්න ආසම හැමදාම නිදහසේ....... නිදහසේ
මට නිදියන්න ඕනෙ නිදහසේ

මම පටන් ගත්තේ හීන ගොඩක් හිස උඩ දරාගෙන
අර අදින ප්‍රශ්න එක පිටම වෙලාගෙන
මනස හොයන සුව පස්සේ දිව්වේ හතිදාගෙන
දියණු වෙන ලෝකේ අපි තාමත් එක තැන
මේ වෛවර්ණ ලෝකෙ කටින් කියවන එක තාමා රෝගෙ
සැප හෙව්වෙ උඹ දාගෙන කොන්ඩේ
නෑනෙ කාසි නැත්නම් ලග එකෙක්වත් ශෝකේ
කා පව් නිමා වෙලා කවද්ද ඇරෙන්නේ මගේ පිං පොත මට ජිවිතේම බාදක
වැටුනත් නිම වෙන්නෙ නැති ගමනට නවතිද ගගමුල් ආවට හරහට
පාසල ගිනි තිබ්බොත් දලුලන්නෙ හිරගෙදර
පනහට සුලගක් ආවෙත් රජ වෙන්නෙ ගන දුරක්
නිසි කල වැසි දිය නවොත් සරු වෙන්නෙ නියගයක්
ගුරු සිතට දුක් දුන්නොත් හිස් වෙන්නෙ පරපුරක්

මේ සිංහ නාද හොරැහින් කතා කලා
මට මාව එපා වී දැන් නිදි නෑ හිනා වෙලා
ඉන්න ආසම හැමදාම නිදහසේ...... නිදහසේ
මට නිදියන්න ඕනෙ නිදහසේ

අඩෝ බොක්කුවෙ බැහැ ගෙන වාඩිය දාගෙන බීඩිය ගහගෙන මරුසිය දැන දැන
බාගෙට ඇස් මගෙ කාගෙන සෙරෙප්පු හිල් උනා පාරට ආරෙට
උබ කැස්සට පොළොවට රස්තියදු මං ගින්දරෙ වෙලා බොල තෙම්පරාදු
දුක දෙද්දි හාදු මං වින්දා පාඩු ලිප් ගල් තුන මැටි ගෙයි වහල තහඩු
උඹ බැස්සට ජිවිතේ සීමීත පන පොවපන් චරිතෙට අසීමිත
දාගෙන වී මත හාමතේ වී හිද වෙනසක් වෙද්දි කරුමෙකි ජිවිත
දර්ශන මත ඇදි වැට කොටු බිත්ති රෝලට කැරකෙන සාමාන්‍ය සිද්ධී
හැමදාම දකිනවා ජිවිතෙ මොකක්ද හිතෙන මගේ හිතින්
උදේ නැගිටිද්දී වැලපෙන සලුපිලි මතින් අපි නැලවිලි කැලබිම් සැලකිලි වාසියට ඇලපිලි
පාසිය ලොල් මට කාසිය නැත පිලි සාපට වූ කල් ජිවිතෙ විල පලිලි
කල බත පෙලට රල වැදි සෙලවෙති ධර්මය නැති මට කර්මය හෙලු වැනි
සිත් බැදි කැමති දේ නෙතු මුල පෙනි පෙනි වල දැක පනිමි  සාමාජේ මට රකුසෙකි
මේවා පොඩ්ඩක් අහපන් පුතා සිත්කරු මං බොල ඇන්දේ රටා
බදින්නෙ මං ගොනා උබලට රස කතා වෙනස් වෙයන් මං වගෙ චරිතෙට හිතා මතා
මනසට හිත දියන් වෙලාවට කලට රට වට නොමැත මගේ රැපට
තනිව ගමනේ මං තාමත් දුවනවා අහගෙන ජිවිතේ මට මටම

මිනිස්සු මල්ලි
ගොඩක් දේවල් කරේ හිතලමයි
හිතින් කරපු දේවල් විතරමයි
අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි මට මම විතරමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Matama Song Lyrics - මම මටම ගීතයේ පද පෙළ Mama Matama Song Lyrics - මම මටම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 10, 2022 Rating: 5

0 comments:

Post a Comment