ඉතිහාසයේ පළමු නූතන ඒකාධිපතියා වූ ජුලියස් සීසර් (Julius Caesar)

ඉතිහාසයේ පළමු නූතන ඒකාධිපතියා වූ ජුලියස් සීසර් (Julius Caesar) - Your Choice Way

ඒකාධිපති පාලනයක් පිළිබඳ විස්තර කිරීමට සිදුවුවහොත් අදාල ඒකාධිපතියා බලයට පත්වූ ආකාරය, ඔහු දේශපාලන විරුද්ධවාදීන් සමඟ ගණුදෙණු කරන ආකාරය, ප්‍රචාරණය සහ ඔහුගේ පෞරුෂත්වයේ ලක්ෂණ පිළිබද අවධානය යොමු කිරීමට සිදු වේ. එමෙන්ම බලයට පත්වීම සහ දේශපාලන විරුද්ධවාදීන් සමග ගනුදෙනු කරන ආකාරය එක් ඒකාධිපතියෙකුට වඩා තවත් ඒකාධිපතියෙකුගේ වෙනස් විය හැකිය. එමෙන්ම ඕනෑම ඒකාධිපතියෙකුට තමන්ටම අනන්‍ය වූ පෞරුෂත්ව ලක්ෂණ මෙන්ම ප්‍රචාරණ විදි ද තිබිය හැක. ලොව පළමු නූතන ඒකාධිපතියා ලෙස සැලකෙන ජුලියස් සීසර් මෙම අංග හතර කළමනාකරණය කළ ආකාරය පිළිබඳ අද අප මෙම ලිපියෙන් සලකා බලමු.

රෝම ජනරජයේ නායකයන් වූ රෝමයේ කොන්සල්වරුන් දෙදෙනා වූයේ ජුලියස් සීසර් සහ පොම්පේ ය. එහෙත් සීසර් ගෝල්හි රෝම හමුදාවන්ට නායකත්වය ලබා දෙමින් සිටියදී ඔහු ලබා ගත් ජයග්‍රහණ හේතුවෙන් ඔහුගේ ජනප්‍රියත්වය මහජනයා අතර සීඝ්‍රයෙන් වැඩි වීමට පටන් ගන්නා ලදී. මෙසේ ඔහු යුද්ධ ජයග්‍රහණය කරන විට පොම්පේ සහ සෙනෙට් සභාව සීසර්ට නැවත රෝමයට එන ලෙස නියෝග කළ නමුත් ඔහු රෝමයට පැමිනීම ප්‍රතික්ෂේප කරන ලදී.

යළි තමා රෝමයට තනිව ගියහොත් තමා බ්‍රිතාන්‍යයේ සහ ගෝල්හි සිදු කරන ලද යුද්ධවල වැරදි හේතුවෙන් නඩු විභාගයකට මුහුණ දී දඩුවම් විදීමට සිදු වන බව සීසර් හොදින් දැන සිටින ලදී. එබැවින් ඔහු තනිව රෝමයට නොගොස් තම හමුදාවද සමඟ නැවත රෝමයට යාමට තීරණය කළේය.

ඒ අනුව ක්‍රි.පූ 49 දී සීසර් තම 13 වන සේනාංකය සමඟ රුබිකන් ගඟ තරණය කර රෝමයට ඇතුළු විය. ඔහුගේ මේ ක්‍රියාකලාපය නිසා රෝමයට ඔහු සතුරෙකු ලෙස සැලකීම හැර වෙනත් විකල්පයක් නොතිබූ අතර රෝමය විසින් ඔහුට එරෙහිව යුධ ප්‍රකාශ කරන ලදී.

සීසර් රෝමයට ළඟා වෙත්ම පොම්පේ බියෙන් සලිත විය. එයට හේතුව වුයේ පොම්පේට සීසර් තරම් විශාල හමුදාවක් ඒ මොහොතේ නොමැති වීමයි. පොම්පේගේ සොල්දාදුවන් රෝමානු ජනරජයේ විවිධ ප්‍රදේශවලට පිටත් කර යවා තිබීම එයට හේතුවයි. එබැවින් යළි තම හමුදාව එක්රැස් කර ගැනීමට ඔහුට යම් කාලයක් අවශ්‍ය විය. මේ හේතුව නිසා පොම්පේ ඇතුළු රෝම සෙනට් සභාවේ නායකයින් රෝමයෙන් පිටවී ග්‍රීසියට යාමට තීරණය කරන ලදී. ඔවුන්ගේ සැලැස්ම වූයේ පසුබැස ගොස් තම හමුදා ඒකරාශි කොට ගෙන යළි පැමිණ සීසර්ට ශක්තිමත්ව මුහුණ දීමටයි.

මේ හේතුව නිසා සටනකින් තොරවම රෝමයේ බලය අල්ලා ගැනීමට සීසර් සමත් විය. ඔහු රෝමයට ඇතුළු වන විට නගරය ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් තොර එකක් විය.

මෙහි සන්දර්භය ගැඹුරින් වෙනස් වුවද, සීසර් බලය ලබා ගත් ආකාරය මුසෝලිනී බලය ගත් ආකාරය සමඟ යම් සමානකමක් ඇත. ඔවුන් දෙදෙනාම සටන් කිරීමට සූදානම්ව රෝමයට ඇතුළු වූ නමුත් ඔවුන් දෙදෙනාටම කිසිවෙකුත් විරුද්ධත්වයක් නොදැක්වූහ. එහි ප්‍රධාන වෙනස නම් රෝම නීතියට අනුව සීසර් සිදු කළේ නීති විරෝධී ක්‍රියාවක් වීමයි. එහෙත් මුසෝලිනී නීත්‍යානුකූලව කටයුතු කළ අතර ඉතාලි රජු වූ III විටෝරියෝ එමානුවෙල් ඔහුට අගමැති ධුරය ලබා දුන්නේය.

ක්‍රි.පූ 49 ත් 45 ත් අතර සිදුවූ සිවිල් යුද්ධයත් සමඟ සීසර් සිය දේශපාලන විරුද්ධවාදීන් නැති කිරීමට සමත් විය. මෙම යුද්ධය සිදු වූයේ සීසර්ගේ හමුදාව සහ පොම්පෙගේ හමුදාව අතරය. අවසානයේදී සීසර් යුද්ධය ජයග්‍රහණය කළ අතර පළමු රෝම ඒකාධිපති භූමිකාව භාර ගැනීමට ඒ අනුව ඔහුට හැකි විය.

එසේ ජයග්‍රහණය ලැබුවද සිය සියලුම සතුරන් නැති කර දැමීමට ඔහු සමත් වූයේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ විරුද්ධවාදීන් වූ බෲටස් සහ කැසියස්ගේ අතින් ක්‍රි.පූ 44 මාර්තු මාසයේ දී මිය යාමට ඔහුට සිදු විය. මෙයට එක් ප්‍රධාන හේතුවක් වූයේ අනෙක් ඒකාධිපතියන් මෙන් සීසර් සිය ප්‍රතිවාදීන් සොයා ඝාතනය කරන මහා පවිත්‍ර කිරීමේ වැඩසටහන් රෝමය තුළ ක්‍රියාත්මක නොකිරීම හැඳින්විය හැක. ඔහුගේ ඒකාධිපති පාලනය වසරක් වැනි කෙටි කාලයක් පැවතීමට බොහෝ දුරට මෙය හේතු වන්නට ඇත.

සැබැවින්ම එකල සිදු කළ ප්‍රචාරක කටයුතු බෙහෙවින් වෙනස් විය. එයට ප්‍රධාන හේතුව වන්නේ ප්රචාරක කටයුතු සඳහා බහුලව භාවිතා වන මාධ්යයන් වන පුවත්පත් වැනි මාධ්‍ය එකල නොමැති වීමයි. මෙම නිසා සීසර් තම පාලනය සම්බන්ධ ප්‍රචාරණ කටයුතු සිදු කළ එක් ක්‍රමයක් වූයේ පුරාණ රෝමයේ භාවිතා කළ කාසි මත සීසර්ගේ මුහුණ යෙදීමයි. ඊට අමතරව සීසර් ප්‍රභූ පක්ෂ සඳහා මෙන්ම පොදු ජනයා සඳහාද විවෘත කරන ලද එළිමහන් සංදර්ශන මගින්ද සිය නාමය ප්‍රචාරණය කර ගැනීමට සමත් විය.

ඊට අමතරව ගෝල් හිදී තමා ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණ ලියවිලි වල රචනා කොට තමා යුද්ධයේදී මෙන්ම සාම කාලය තුළත් ශ්‍රේෂ්ඨ අණ දෙන නිලධාරියෙකු යන අදහස පතුරුවා හැරීමටද ඔහුට හැකි විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙම ලේඛන අතිශයින්ම වටිනා ඒවා වන අතර ඒවා අදටත් ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී විශාල ලෙස උපකාරී වේ. 

සීසර් රෝම අධිරාජ්‍යයට දේවත්වයෙන් නමස්කාර කළ යුතු යැයි පැවති ඇදහිල්ල ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී. එමෙන්ම සීසර් මිය ගිය විටද ඔහු දිව්‍යමය පුද්ගලයෙකු ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. කෙසේවෙතත් සීසර් ජීවත්ව සිටියදීත් දෙවියෙකු ලෙස සලකනු ලැබූ අතර මෙම විශ්වාසය පුළුල්ව පැතිරී ගිය අතර ජනතාව මෙන්ම සෙනෙට් සභිකයෝද එය විශ්වාස කළහ.

සීසර්ට පුරවැසියාගේ සහයෝගය ලැබුණේ එවකට පැවති දැවැන්ත ප්‍රචාරනය නිසා යැයි උපකල්පනය කළ හැකි අතර සෙනෙට් සභිකයෝද ඔහුට සහයෝගය දැක්වූයේ ඔහුට බිය වූ නිසා ද නැතහොත් ඔහුගේ දේවත්වය විශ්වාස කළ නිසා ද යන්න නිශ්චිතව කිව නොහැක.

එමෙන්ම සීසර්ගේ නායකත්වය සහ දේවත්වය ගැන කිසිවෙකු සැක නොකළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට අභියෝග කිරීමේ ප්‍රතිවිපාක ගැන මිනිසුන් බිය වූ අතර සීසර් බලය ලබා ගත් මොහොතේ සිට විරුද්ධවාදීන් ඔහුව ඝාතනය කළ මොහොත දක්වාම ඔහු කිසි විටෙකත් සැබෑ විරුද්ධවාදිකම්වලට මුහුණ දී තිබුණේ නැත.

සීසර් දෙවියෙකු ලෙස සලකනවාට වඩා, ඔහුගේ යුද උපාය මාර්ග සහ දේශපාලන නායකත්වය පිළිබඳ ඔහුගේ ඇති ඉගැන්වීම් අදටත් අතිශයින්ම වැදගත් ය. සීසර් යනු ලෝකයේ පළමු නූතන-ඒකාධිපතියා වූ අතර ඔහුගේ ඉගැන්වීම් 20 වන සියවසේ සියලුම යුරෝපීය ඒකාධිපතියන්ට මෙන්ම අද දක්වා ප්‍රජාතන්ත්‍රවාදී නායකයින්ට ද ප්‍රයෝජනවත් විය.
ඉතිහාසයේ පළමු නූතන ඒකාධිපතියා වූ ජුලියස් සීසර් (Julius Caesar) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉතිහාසයේ පළමු නූතන ඒකාධිපතියා වූ ජුලියස් සීසර් (Julius Caesar) ඉතිහාසයේ පළමු නූතන ඒකාධිපතියා වූ ජුලියස් සීසර් (Julius Caesar) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 10, 2022 Rating: 5

0 comments:

Post a Comment