ජෝසප් ස්ටාලින්ගේ විනාශකාරී ආදර ජීවිතය (Joseph Stalin)

ජෝසප් ස්ටාලින්ගේ විනාශකාරී ආදර ජීවිතය (Joseph Stalin) - Your Choice Way
ජෝශප් විසාරියොනොවිච් දුගාෂ්විලි එසේත් නැති නම් ස්ටාලින් (1878-1953) යනු ඉතිහාසයේ ජීවත් වූ බලවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකි. ඔහු ලොව සුපිරි බලවතකුව සිටි සෝවියට් දේශය පාලනය කළ ඒකාධිපති නායකයෙකි.

සාර් බලයෙන් පහ කිරීම (1917 ඔක්තෝබර් විප්ලවය), ඔහුගේ විරුද්ධවාදීන් සමූල ඝාතනය කිරීම (1937 දී සිදු කළ මහා පිරිසිදු කිරීම) හා ඇඩොල්ෆ් හිට්ලර්ට එරෙහිව සටන් කිරීම (දෙවන ලෝක යුද්ධය) ආදී සිද්ධි වලින් මේ ඒකාධිපතියාගේ දිවිය බොහෝ ලෙස කාර්යබහුල වී තිබුණත් ඒ කිසිත් නොතකා ආදරය කිරීමට සහ  විවාහ වීමට කාලය සොයා ගැනීමට ස්ටාලින් සමත් විය. එමෙන්ම දරුවන් කිහිප දෙනෙකුගේ පියෙකු වීමට මෙන්ම සහ ගණන් කළ නොහැකි තරමේ අනියම් භාර්යාවන් ගණනාවක්ම මේ ඒකාධිපතියාට සිට ඇත. එහෙත් ස්ටාලින් ඔහු ආශ්‍රය කළ කිසිදු කාන්තාවකට සතුටක් ගෙන දුන්නේ නැති බව නම් අමුතුවෙන් කිව යුතු නැත.

ස්ටාලින්ට විවාහය අමුත්තක් නොවීය. ඔහුගේ පළමු බිරිඳ එක්තරීනා ස්වනිඩ්සේ ය. ස්ටාලින් සහ එක්තරීනා “කැටෝ” ස්වනිඩ්සේ (1885-1907) 1905 දී ජෝර්ජියාවේ ටිබිලිසි හිදී ප්‍රථම වරට මුණ ගැසෙන ලදී. මේ තරුණ විප්ලවවාදියා එක්තරීනා දැකීමෙන් විස්මයට පත් විය. එමෙන්ම වැඩි කල් නොගොස් එනම් 1906 දී ඔවුන් දෙදෙනා විවාහ විය. ඔවුන්ගේ පුත්‍රයා වන යාකොව් 1907 දී උපත ලැබීය. 

"ඇය ඉතා මිහිරි හා ලස්සන කාන්තාවකි. ඇය මගේ හදවත උණු කිරීමට සමත් වුණා." ස්ටාලින් ඇය පිළිබඳව සදහන් කළේ එලෙසය. 

එක්තරීනාද ස්ටාලින් මෙන්ම සාර් පාලනයට එරෙහි විප්ලවවාදී ක්‍රියාකාරකම් වලට සහභාගී වූවාය. මේ හේතුව නිසා අත්අඩංගුවට ගැනීමෙන් බේරීම සදහා මේ තරුණ යුවලට අසර්බයිජානයේ බකු වෙත පලා යාමට සිදු විය. එහෙත් ස්ටාලින් තම කාර්යයන් සඳහා නිතරම නිවසින් බැහැරව සිටීම නිසා එක්තරීනාට මහත් තනිකමක් දැනෙන ලදී. විප්ලවවාදියෙකුගේ බිරිඳ වීමේ ආතතිය ඇගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑමට පටන් ගන්නා ලදී. 

ඒ අනුව 1907 දී ඔවුන්ගේ පුත්‍රයා වන යාකොව්ගේ උපතෙන් මාස අටකට පසුව, එක්තරීනා හදිසියේම ටයිෆස් හෝ ක්ෂය රෝගය සෑදී මිය යන ලදී. ඇගේ මරණයෙන් ස්ටාලින් මහත් ලෙස ශෝක වූ බව කියැවේ. ස්ටාලින් සියදිවි නසා ගැනීම වැළැක්වීම සදහා ඔහුගේ සගයන් ඔහුගේ තුවක්කුව පවා රැගෙන යන ලදී. එමෙන්ම අවමංගල්‍ය උත්සවය අතරතුරදී ද ස්ටාලින් එක්තරීනාගේ මිනීවල තුළටද පැන්න අතර රැස්ව සිටි පිරිසට ඔහුව ඉන් පිටතට ඇද දැමීමට සිදු විය.

"ඇය මගේ ගල් හදවත මෘදු කළේය. එහෙත් ඇය මිය ගිය අතර ඇය සමඟ මගේ මනුෂ්‍යත්වය පිළිබඳව තිබූ අවසන් උණුසුම් හැඟීමද මිය ගියාය." ස්ටාලින් ඇයගේ මරණය පිළිබඳව පැවසුවේ එලෙසය. එක්තරීනා ජීවත් වූයේ නම් ස්ටාලින් නම් ඒකාධිපතියා බිහි නොවන්නට බොහෝ දුරට ඉඩ තිබුණි.

ස්ටාලින් ඔහුගේ දෙවන බිරිඳ වූ නදීෂ්ඩා ඇලිලුයෙවා (1901-1932)  සමඟ විවාහ වූයේ 1919 දීය. එවිට ඇයගේ වයස අවුරුදු දහඅටක් වූ අතර ඔහුගේ වයස අවුරුදු හතළිහකි. ස්ටාලින් නදීෂ්ඩාගේ දෙමාපියන්ගේ මිතුරෙකු වූ බැවින් ඔහු ඇයව කුඩා කල සිටම දැන සිටියේය. වරක් ස්ටාලින් ඇයව දියේ ගිලීමෙන් පවා බේරා ගන්නා ලදී. 1917 දී ඔවුන් නැවත මුණගැසී ආදරයෙන් බැඳෙන ලදී.

ස්වාධීන කාන්තාවක් වූ නදීෂ්ඩාට අවශ්‍ය වූයේ අධ්‍යාපනය ලබා ගැනීමට හා වෘත්තිය ජීවිතයක් ආරම්භ කිරීමටය. එහෙත් ස්ටාලින්ට අවශ්‍ය වූයේ නදීෂ්ඩා නිවසේ රැඳී සිටිමින් ඔවුන්ගේ දරුවන් දෙදෙනා වන වාසිලි සහ ස්වෙට්ලානා රැකබලා ගැනීමටය. එහෙත් නදීෂ්ඩාගේ අවශ්‍යතා දැන ගත් ස්ටාලින් කෝපයට පත් විය.

ඔවුන් දෙදෙනාම ඉක්මනින් කෝපයට පත් වූ අතර ඔවුන් දෙදෙනාම බොහෝ ලෙස රණ්ඩු වූහ.  ඇගේ සැමියාගේ බොහෝ ප්‍රතිපත්ති නදීෂ්ඩා අනුමත නොකළ අතර ඔහුට එය පැවසීමට ඇය ලැජ්ජා නොවීය. ස්ටාලින් බිය වූ එකම පුද්ගලයා නදීෂ්ඩා බව ඔවුන්ගේ දියණිය වූ ස්වෙට්ලානා හෙළි කළාය. 

එමෙන්ම ස්ටාලින් මේ කාලය තුළදී වෙනත් කාන්තාවන්ද ඇසුරු කරන ලදී. මේ නිසා කලකිරීමට පත් නදීෂ්ඩා ස්ටාලින් හැර යාමට උත්සාහ කළ නමුත් ඔහු එයට ඉඩ දුන්නේ නැත. 

1932 නොවැම්බර් 9 වෙනිදා අලුයම නදීෂ්ඩා තමාටම වෙඩි තබා ගෙන සියදිවි නසා ගත්තාය. එහෙත් ස්ටාලින් කිසි විටෙකත් තම දරුවන්ට තම මවගේ මරණය පිළිබඳ සත්‍යය කීවේ නැත. රෝගයකින් ඇය මිය ගිය බව ඔහු ප්‍රසිද්ධියට පත් කරන ලදී. 

ස්ටාලින්ට අනියම් පෙම්වතියන්ද අමුත්තෙක් නොවීය. ඔහු හැරුණුකොට බලවත් කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින්ට කාන්තාවන් කිහිප දෙනෙක් සිටියහ. ස්ටාලින්ට කැමති ඕනෑම කාන්තාවක් ලබා ගැනීමට ඔහුට හැකි විය. 

1914 දී ස්ටාලින්ව සයිබීරියාවේ කුරෙයිකා නම් කුඩා ගම්මානයට පිටුවහල් කරන ලදී. එහිදී ඔහු අනාථ දරුවන් හත් දෙනෙකුගෙන් බාලයා වූ දහතුන් හැවිරිදි ලිඩියා පෙරෙප්‍රිජිනා (1900-1965) වසඟයට ගැනීමට සමත් විය. ලිඩියා ඔහු වෙනුවෙන් ආහාර පිළියෙල කිරීම, ඇඳුම් පැළඳුම් පිළියෙල කිරීම ආදී සියල්ල සිදු කළ අතර ඔහු සමඟ නිතිපතා ලිංගික සම්බන්ධකම්ද පවත්වන ලදී. අවසානයේදී ස්ටාලින් ලිඩියා සහ ඇගේ සහෝදර සහෝදරියන් සමඟ ජීවත් වීමටද ගියාය.

1914 දෙසැම්බර් මාසයේදී ලිඩියා ගැහැණු ළමයෙකු බිහි කළ අතර ඉන් ටික කලකට පසු එම දරුවා මිය ගියාය. 1916 දී ලිඩියා නැවත ගැබ් ගත්තාය. එහෙත් ඉන් ටික කලකට පසු ස්ටාලින් එම ප්‍රදේශයෙන් අතුරුදහන් විය. 1917 අප්‍රේල් මාසයේදී ඔවුන්ගේ පුතු වූ ඇලෙක්සැන්ඩර් උපත ලැබීය.

ඇලෙක්සැන්ඩර් පිළිබඳ ස්ටාලින් දැන සිටියත් ඔහු ඒ පිළිබදව එතරම් තැකීමක් කළේ නැත.  ඇලෙක්සැන්ඩර්ව තම දරුවා ලෙස හදා වඩා ගැනීමට කැමති වූ දේශීය ධීවරයෙකු වන යාකොව් ඩේවිඩොව් සමඟ ලිඩියා පසුව විවාහ විය.

ලිඩියා පෙරෙප්‍රිජිනා යනු ස්ටාලින්ගේ පළමු සයිබීරියානු අනියම් බිරිඳ නොවේ. ඊට වසර කිහිපයකට පෙර එනම් 1910 දී, සාර් රජු ස්ටාලින්ව සයිබීරියාවේ සොල්විචෙගොඩ්ස්ක් වෙත පිටුවහල් කළේය. එහිදී ඔහු පදිංචි වී සිටියේ වැන්දඹුවක් වන මාරියා කුසකෝවාට අයත් නිවසක ය.

එහිදීද ස්ටාලින් මාරියා සමඟ සම්බන්ධයක් පවත්වා හදිසියේම පිටව ගිය අතර මේ සම්බන්ධය නිසා ඇය ගැබ් ගන්නා ලදී. 1911 දී ඔවුන්ගේ පුත් කොන්ස්ටන්ටින් කුසකොව් (1911-1996) උපත ලැබීය. ඔහු පිළිබද දැන සිටියත් ස්ටාලින් කිසි විටෙකත් ඔහුව පිළිගත්තේ නැත. එමෙන්ම සෝවියට් රහස් සේවය වන NKVD විසින් කොන්ස්ටන්ටින්ට තම නියම පියා ගැන කිසි දිනෙක කතා නොකරන ලෙස තර්ජන පවා සිදු කරන ලදී.

මීට අමතරව ස්ටාලින් නර්තන ශිල්පිනී ඔල්ගා ලෙපෙෂින්ස්කායා (1916-2008) සහ ඔපෙරා ගායිකා වේරා ඩේවිඩෝවා (1906-1993) කෙරෙහිද විශේෂ කැමැත්තක් දැක්වීය. ස්ටාලින්ගේ මරණයෙන් වසර ගණනාවකට පසු ඔල්ගා සහ වේරා තමන් ස්ටාලින්ගේ අනියම් පෙම්වතියන් නොවන බව තරයේ ප්‍රකාශ කර සිටින ලදී. 

වැලන්ටිනා ඉස්ටෝමිනා (1917-1955) ස්ටාලින්ගේ ජීවිතයේ අවසාන අවුරුදු දහඅටක (1935 සිට 1953 දක්වා) කාලයේදී ස්ටාලින්ගේ ගෘහ පාලිකාව විය.  ඇය ඉතා රූමත් කාන්තාවක් වූ අතර ජෙනරාල් නිකොලායි ව්ලැසික් සහ කුප්‍රකට NKVD ප්‍රධානී ලැව්‍රෙන්ටි බෙරියා විසින් ඇයව ඔහුට හදුන්වා දෙන ලදී. ස්ටාලින් වැලන්ටිනා කෙරෙහි පූර්ණ විශ්වාසය තැබූ අතර ඔහුට අවශ්‍ය ආහාර සහ ඖෂධ පිරිනැමීමට අවසර තිබුණේද ඇයට පමණි.

1952 දී ස්ටාලින් දැඩි ලෙස රෝගාතුර වී ඉන් සුවය ලැබීය. එහෙත් ව්ලැසික් සහ බෙරියා ස්ටාලින් ඉක්මනින් මිය යනු ඇතැයි සිතා වැලන්ටිනා දූෂණය කළහ. නමුත් ඇය තමාට වංචා කළ බවට චෝදනා කළ ස්ටාලින් ඇයට පහර දී ඇයව සයිබීරියාවට යැව්වා. වැලන්ටිනාගේ වාසනාවට පරණ ඒකාධිපති පාලකයාට ඇයව යළි අවශ්‍ය වූ අතර එම නිසා ඇය යළි පැමිණෙන ලදී. එහෙත් ඉන්පසුව වැලන්ටිනාට වැඩි කාලයක් ස්ටාලින් සමඟ සිටීමට නොහැකි විය. ඒ 1953 දී ඔහු මිය ගිය බැවිනි.

රාක්ෂයන්ට පවා ආදරය කිරීමට හා ආදරය ලැබීමට අවශ්‍යය. ස්ටාලින් යනු ඉතිහාසයේ සිටි විශාලතම මිනීමරුවන්ගෙන් කෙනෙකි. මිලියන ගණනකගේ මරණය ඔහු හුදු සංඛ්‍යා ලේඛනයක් ලෙස දුටු නමුත් ඔහුටද ආදරය අවශ්‍ය විය.
ජෝසප් ස්ටාලින්ගේ විනාශකාරී ආදර ජීවිතය (Joseph Stalin) - Your Choice Way
ස්ටාලින් සහ ඔහුගේ බිරිඳ එක්තරීනා ස්වනිඩ්සේ

ජෝසප් ස්ටාලින්ගේ විනාශකාරී ආදර ජීවිතය (Joseph Stalin) - Your Choice Way
ස්ටාලින් සහ ඔහුගේ දෙවන බිරිඳ නදීෂ්ඩා ඇලිලුයෙවා

ජෝසප් ස්ටාලින්ගේ විනාශකාරී ආදර ජීවිතය (Joseph Stalin) - Your Choice Way
වැලන්ටිනා ඉස්ටෝමිනා
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජෝසප් ස්ටාලින්ගේ විනාශකාරී ආදර ජීවිතය (Joseph Stalin) ජෝසප් ස්ටාලින්ගේ විනාශකාරී ආදර ජීවිතය (Joseph Stalin) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2022 Rating: 5

0 comments:

Post a Comment