Dayabarayanani Song Lyrics - දයාබරයාණනි ගීතයේ පද පෙළ

Dayabarayanani Song Lyrics - දයාබරයාණනි ගීතයේ පද පෙළ
Song Title : Dayabarayanani (දයාබරයාණනි)
ගායනය : නි‍රෝෂා විරාජිනී
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : සරත් ද අල්විස්


දයාබරයාණනි
ජනක රජ දූ ජානකී
රූප ශ්‍රී අභිමුවේ
තෙද විකුම් හකුලා ගොළුවන
දිග් විජය කළ
අසරණයාණනි
දයාබරයාණනි

පවුකාර අඟනකි පෙර පිනින් මා
ඔබ ද ගැවසෙන අංගනේ
තත්සැණින් සිරි යහන වෙත සීතා
රැගෙන යා හැකි ඔබෙ විපුල අත්
මහත්මා ගුණයෙන් වසං කොට
කඳුළු විනිවිද බලනු ඇයි නිරිඳුනි
පෙම්බරයාණනි
දයාබරයාණනි

ඔබෙ දෑස තෙත්වනු නිබඳ දුටුවෙමි
දකින මනතින් ජානකී
දයාදරයෙන් පෙණ පිඩක් සේමා
ඇගේ හදවත උණු නොවේනම්
ජනක රජ දියණියක වන්නට
නුදුන්නේ කිම මට වරම් දෛව්‍යා
පෙම්බරයාණනි

දයාබරයාණනි
ජනක රජ දූ ජානකී
රූප ශ්‍රී අභිමුවේ
තෙද විකුම් හකුලා ගොළුවන
දිග් විජය කළ
අසරණයාණනි
දයාබරයාණනි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dayabarayanani Song Lyrics - දයාබරයාණනි ගීතයේ පද පෙළ Dayabarayanani Song Lyrics - දයාබරයාණනි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2022 Rating: 5

0 comments:

Post a Comment